Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රහාරාත්මක පිතිහරඹක නිරත වූ රවින්ද්‍ර ජදේජා 19 වැනි ඕවරයේදී ලබාගත් ලකුණු 21 ක හේතුවෙන් අබුඩාබිහිදී අද (26 වැනිදා) 38 වැනි තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලු 2 ක ජයක් හිමිවිය.
අවසන් පන්දු තුලදී ජයග්‍රහණය සඳහා ලකුණු 24 ක් අවශ්‍යවූ අතර ප්‍රසිධ් ක්‍රිෂ්ණා යවන ලද 19 වැනි ඕවරයේ අවසන් පන්දු 4 තුලදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කරමින් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ජයග්‍රහණයට තිබූ දුර අඩු කළේය.
පසුපෙළ පිතිකරුවකු ලෙස පිටියට පිවිසි රවින්ද්‍ර ජදේජා අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී දැවී යන විට පන්දු 8 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් ලබා තිබුණි.
ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල 20 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකර ගියේය.
ආරම්භක පිතිකරුවන්වූ රුතුරාජ් ගයික්වාඩ් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් සහ ෆෆ් ඩු‘ප්ලෙසිස් පන්දු 30 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 43 ක් ලබාගනිමින් චෙන්නායි පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ. එවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 50 කදී ලකුණු 74 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගූහ.
මොයින් අලී පන්දු 28 කදි හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් ලබාගනිමින් චෙන්නායි පිලේ ජයග්‍රහණයට දායක විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 171 ක් රැස්කිරීමට සමත්විය.
රාහුල් ත්‍රිපාටි පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් සහ නිතිෂ් රානා පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් රැස්කිරීමට සමත්වූහ. ඔන්ඩ්‍රි රසල් පන්දු 15 කදී හයේ පහරත් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් සහ දිනේෂ් කාර්තික් පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් රැස්කළ පරාජයෙන් ගැලවීමට එය ප්‍රමාණවත් නොවීය.
ශර්දුල් ඨාකූර් සහ ජොස් හේසල්වුඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කොල්කටා - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 171
(රාහුල් ත්‍රිපාටි 45, නිතිෂ් රානා නොදැවී 37, ඔන්ඩි්‍ර රසල් 20, දිනේෂ් කාර්තික් 26, ශර්දුල් ඨාකූර් 20/2, ජොස් හේසල්වුඞ් 40/2)
චෙන්නායි - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 172
(රුතුරාජ් ගයික්වාඩ් 40, ෆෆ් ඩු‘ප්ලෙසිස් 43, මොයින් අලී 32, රවින්ද්‍ර ජදේජා 22, සුනිල් නරේන් 41/3)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.