Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාහර්ගේ පන්දු යැවීම චෙන්නායි පිල දිනවයි

චාහර්ගේ පන්දු යැවීම චෙන්නායි පිල දිනවයි

editorial - 2021 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දීපක් චාහර්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගය ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායිහිදී අද (16 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්යක් හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ ඕවර 15.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆෆ් ඩුප්ලෙසි (නොදැවී 36) සහ මුයින් අලී (46) චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩි තාලම දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 106 කට සීමා කිරීමට දීපක් චාහර් ප්‍රමුඛ චෙන්නායි පන්දු යවන්නෝ සමත් වූහ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ගත් තීරණය මල් ඵල ගන්වමින් පන්ජාබ් ඉනිම අඩ පණ කළ චාහර්, සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය.

එහිදී මායන්ක් අගර්වාල් සහ නිකලස් පූරන් ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කළ චාහර්, ඉන් නොනැවදී ක්‍රිස් ගේල්ගේ සහ දීපක් හූඩාගේ ඉනිම් ලකුණු 10 කට සීමා කළේය. ගේල්ද ලකුණු ලබාගැනීමට පෙර චාහර්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබාදුන් නමුත් එය රුතුරාජ් ගයික්වාද් අතින් ගිළිහී ගියේය. චාහර්ගේ ඕවර 4 ට එක් නිළකුණු ඕවරයක්ද ඇතුළත් විය.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ශාරුක් ඛාන් පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක් රැස්කළේය. එහෙත් ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීමට ගත් උත්සාහයකදී සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ ඔහු රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

රවින්ද්‍ර ජදේජාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ නායක ලොකේෂ් රාහුල් දුවද්දී දැවී යෑමකට හසුවීම පන්ජාබ් කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර පසුපෙළ පිතිකරුවන්ද ආසර්ථක වීම හේතුවෙන් පන්ජාබ් ඉනිම ගොඩනැගීම සඳහා ශාරුක්ට කිසිදු සහයක් නොලැබිණ. ජේ රිචඩ්සන් පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක් රැස්කළේය.


පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 106
(ශාරුක් ඛාන් 47, ජේ රිචඩ්සන් 15, දීපක් චාහර් 13/4)

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 15.4 කදී කඩුලු 4 කට 107
(ෆෆ් ඩුප්ලෙසි 36, මුයින් අලී 46, මොහොමඩ් සාමි 21/2)

 

 

- 036

 


අදහස් (0)

චාහර්ගේ පන්දු යැවීම චෙන්නායි පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.