Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමිල් - චලනි ‘ග‍්‍රෑන්ඩ් ස්ලෑම්’ ශූරතා දිනති

චමිල් - චලනි ‘ග‍්‍රෑන්ඩ් ස්ලෑම්’ ශූරතා දිනති

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ ‘ග‍්‍රෑන්ඞ් ස්ලෑම්’ කැරම් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව නව වැනි වරටත් දිනා ගැනීමට ජාතික කැරම් ශූරයා වන චමිල් කුරේ සමත්විය. චලනි ලක්මාලි පස්වැනි වරටත් කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය.


කොහුවල ශ‍්‍රී ලංකා කැරම් සංගම් මුලස්ථානයේ පැවැති මෙම තරගාවලියේදී ජාතික කැරම් ශ්‍රේණිගත කිරීමට ඇතුළත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 32 දෙනෙක් මෙම තරග කළහ.


චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු අතර පැවැති පිරිමි කේවළ ඉසව්වේ අවසන් තරගයෙන් චමිල් කුරේ තරග වට 2-1 ක ජයක් ලැබීය. තරගය 25/15, 17/25, 25/17 ක් ලෙස ලකුණු සටහන්විය.


කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයෙන් යශිකා රාහුබද්ධ පරදවා චලනි ලක්මාලි තරග වට 2x-1 ක ජයක් ලබා ගත්තාය. 25/20, 16/25 සහ 25/22 ක් ලෙස එහි ලකුණු සදහන් විය.


පිරිමි තරගාවලියේ ප‍්‍රතිඵල ශ්‍රේණිගත කිරීම


1.චමිල් කුරේ


2.නිශාන්ත ප‍්‍රනාන්දු


3.අනාස් අහ්මඞ්


4.මොහොමඞ් ෂහීඞ්


5.උදේෂ් චන්දිම


6.ප‍්‍රභාත් යටවර


7.බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ


8.ඩිමාල් සේනාරත්න

 


කාන්තා තරගාවලියේ ප‍්‍රතිඵල ශ්‍රේණිගත කිරීම


1.චලනි ලක්මාලි


2.යශිකා රාහුබද්ධ


3.ජෝශප් රොෂිටා


4.මධුකා දිල්ෂානී


5.ශෂිකා සදමාලි


6.ළිහිණි අංජලිකා


7.අරෝෂා වික‍්‍රමසිංහ


8.දෙටුනි නොමායා

 

 

 

 

 

 

 

 

 

 

 

                       

                චමිල් කුරේ                                     චලනි ලක්මාලි

 


අදහස් (0)

චමිල් - චලනි ‘ග‍්‍රෑන්ඩ් ස්ලෑම්’ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.