
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි අදියර අද (13 වැනිදා) බැංගලෝර්හිදී පැවැති අතර එහිදී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු මිලදී ගැනීමට කණ්ඩායම තුනක හිමිකරුවෝ ඉදිරිපත් වූහ.
දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 2 ක මුදලකට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමටද, මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ 70 ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටද, චාමික කරුණාරත්න ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මිලකට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එහිදී අලෙවි වූහ.
චරිත් අසලංකගේ සහ භානුක රාජපක්ෂගේ නම් වෙන්දේසියට ඉදිරිපත් වුවද, ඔවුන්ව මිලදී ගැනීම සඳහා කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 17 දෙනකුගේ නම් අද රාත්‍රියේ වෙන්දේසියට ඉදිරිපත්වීමට නියමිතව තිබිණි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.