Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල්ගේ රෙඩ්ස් පිල අවසන් තරගයට

චන්දිමාල්ගේ රෙඩ්ස් පිල අවසන් තරගයට

editorial - 2021 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ආරාධිත විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් පිල සමත්විය. ඒ අනුව 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් පිලට එරෙහිව රෙඩ්ස් පිල තරග කරනු ඇත.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති 12 වැනි තරගයේදී අෂාන් ප්‍රියංජන් නායකත්වය දරන ග්‍රීන්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට රෙඩ්ස් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ඕවර 15 කදී ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය රෙඩ්ස් පිල ඕවර 14.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් රෙඩ්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් සහ දිනේෂ් චන්දිමාල් පන්දු 32 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ලක්ෂාන් සඳකැන් සිය ඕවර 3 ලකුණු 14 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වුවද රෙඩ්ස් පිලේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් විය.

කාසියේ වාසිය දිනූ රෙඩ්ස් පිලේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට අෂාන් ප්‍රියංජන් නායකත්වය දරන ග්‍රීන්ස් පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 15 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 114 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. වර්ෂාව හේතුවෙන් තරග ආරම්භවීම පමාවූ අතර එක් ඉනිමක් ඕවර 15 කට සීමාවිය.

සමින්ද ප්‍රනාන්දු පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 37 ක් සහ පැතුම් නිස්සංක පන්දු 13 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් රැස්කළ නමුත් සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

ප්‍රභාත් ජයසූරිය කඩුලු ලබානොගත්තද සිය ඕවර 3 ලකුණු 15 කට සීමාකරමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ග්‍රීනස් පිල - ඕවර 15 කදී කඩුලු 7 ක් දැවී 114
(සමින්ද ප්‍රනාන්දු 37, පැතුම් නිස්සංක 22)

රෙඩ්ස් පිල - ඕවර 14.5 කදී කඩුලු 4 ක් දැවී 118
(අවිශ්ක ප්‍රනාන්දු 38, දිනේෂ් චන්දිමාල් 40, ලක්ෂාන් සඳකැන් 14/2)


අදහස් (0)

චන්දිමාල්ගේ රෙඩ්ස් පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.