Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෝන් පී‍්‍ර ගොල්ෆ් - සැප්තැම්බර් ශුරයා විජිත

ගෝන් පී‍්‍ර ගොල්ෆ් - සැප්තැම්බර් ශුරයා විජිත

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පින් ප‍්‍රනාන්දු ගෝන්පී‍්‍ර ගොල්ෆ් තරගාවලියේ සැප්තැම්බර් තරගය ජය ගැනීමට වික්ටෝරියා ගෝල්ෆ් කී‍්‍රඩා සමාජයේ විජිත බණ්ඩාර සමත්විය. වට 4 කින් සමන්විත වූ මෙම තරගය නිමා කිරීම සඳහා බණ්ඩාරට වැයවී තිබූ මුලූ පහර සංඛ්‍යාව 287 කි.

බණ්ඩාරගේ තරග නිමකිරීම පහර 71 ක්, 68 ක්, 70 ක් සහ 78 ක් වශයෙන් සටහන්විය.

අවසන් තරග වට දෙකේදී ලකුණු සටහනේ ඉදිරියට පැමිණි සිසිර කුමාර, පහර 307 කින් තරගය නිමා කරමින් එහි දෙවැනි ස්ථානය දිනාගත් අතර තරගය ආරම්භයේ සිටම ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ එන්. රංගා පහර 309 කින් තරගය නිමා කරමින් එහි තෙවැනි ස්ථානයට පත්විය.

වසර 2013-14 තරගවාරය සඳහා පැවැති තුන්වැනි ගෝන් පී‍්‍ර තරගය මෙයයි. පසුගිය වසරේදී පින් ප‍්‍රනාන්දු ගෝන් පී‍්‍ර ශූරතාව දිනාගැනීමට සමත් වූයේද විජිත බණ්ඩාරය.

තරුණ ගොල්ෆ් කී‍්‍රඩකයන් දිරිමත් කිරීම සඳහා ‘බී’ කාණ්ඩයෙන්ද තරගාවලිය පැවැත්වෙන අතර ‘බී’ කාණ්ඩයේ තරගාවලියේදී
නාවික හමුදාවේ නිලන්ත වෛද්‍යරත්න පහර 381 කින් තරගය නිම කිරීමට සමත් විය.

ස්ථානය ක්‍රීඩකයා  තරග වට ලකුණු එකතුව
1 2 3 4
1 විජිත බණ්ඩාර 71 68 70 78 287
2 සිසිර කුමාර  81 77 72 77 307
3 එන්. රංගා  77 79 76 77 309
4 ජී. එම්. ප්‍රදීප් කුමාර 80 77 81 72 310
4 එන්. අමරපද්ම 85 77 75 73 310
6 බී. ඒ. රෝහණ 82 82 71 76 311
7 එස්. සෂිනාදන්  76 82 80 75 313
8 පී. හේමන්ත  86 76 75 80 317
9 ධනුෂ පෙරේරා  84 79 83 73 319
9 චලිත පුෂිපික 87 76 82 74 319
11 ඩී. එම්. ප්‍රදීප්  83 77 81 79 320
12 යූ. ජී. එම්. ප්‍රදීප් 80 76 88 79 323
13 එල්. ලෝරන්ස්  80 82 83 81 326
14 ජී. ශ්‍රීදරන්  89 83 82 78 332
14 ආර්. සුරේශන්  84 89 77 82 332

036


අදහස් (0)

ගෝන් පී‍්‍ර ගොල්ෆ් - සැප්තැම්බර් ශුරයා විජිත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.