Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගැට්ලින් සමුගැනීමේ තීරණය කල්දමයි

ගැට්ලින් සමුගැනීමේ තීරණය කල්දමයි

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

18 වැනිදා (නයිරෝබි) - ඒ.එෆ්.පී.

ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී 2004 වසරේ පැවැති ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජයගනිමින් ලොව වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වූ ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින් ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය කල් දමා ඇත. ඊයේ (18 වැනිදා) නයිරෝබි නුවරදී පැවැති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ තෙවැනි ස්ථානයට පත් වීමෙන් පසුව තවදුරටත් ක්‍රීඩාවේ නියැලීමට තමා බලාපොරොත්තු වන බවට ඔහු ඉඟි පළ කළේය. 

ඔලිම්පික් රන් පදක්කමක්ද සමගින් ලෝක මට්ටමේ රන් පදක්කම් 9 කට, රිදී පදක්කම් 9 කට සහ ලෝකඩ පදක්කම් 2 කට හිමිකම් කියන ගැට්ලින්, මේ වන විට 39 වැනි වියේ පසුවේ. අවස්ථා 2 කදී තහනම් උත්තේජන පරීක්ෂණයෙන් අසමත් වී ඇති ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට අසමත් විය. 

කෙසේ වුවත් යළිත් සුපුරුදු දස්කම් අතරට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔහු කෙන්යාවේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ අතර ඇමරිකානු ක්‍රීඩක ටේ‍රවොන් බෘමෙල් සහ කෙන්යාවේ ෆර්ඩිනන්ඞ් ඕමන්යාලා හමුවේ පරාජය වීම හේතුවෙන් ඔහුගේ බලාපොරොත්තු සුන් වී ගියේය. එහිදී තත්ත්පර 10.03 ක කාලයක් වාර්තා කළ ගැට්ලින්ට තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. 

“ආබාධ තත්ත්වයකින් සුවය ලබලා ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙනුයි මං මේ තරගාවලියට සහභාගි වුණේ. ඒත් මගේ අනාගතය ගැන තීරණයක් ගන්න දිගු විවේකයක් අවශ්‍යයි කියලා මට දැන් හිතෙනවා. අපි මීළඟ තරග වාරය පැමිණෙන තුරු ඉවසිල්ලෙන් බලන් ඉමු.” යැයි ගැට්ලින් පරාජයෙන් අනතුරුව පැවසීය. 

මෙම වසරේ අප්‍රේල් මාසයේදී සිය ඉහළම පෞද්ගලික දක්ෂතාව දක්වා සිටි බෘමෙල්, ඊයේ තරගයේ පළමු ස්ථානය දිනාගත්තේ තත්ත්පර 9.76 ක් ලෙස නැවතත් සිය ඉහළම පෞද්ගලික දක්ෂතාව අලුත් කරමිනි. දෙවැනි ස්ථානයට පත්වූ ඕමන්යාලා එහිදී වාර්තා කළ තත්ත්පර 9.77 කාලය, බෘමෙල්ගේ පැරණි ඉහළම දක්ෂතාවද විය. 

බෘමෙල්, ඕමන්යාලා සහ ගැට්ලින් - ඡායාරූපය : ඒ.එෆ්.පී. 

-036 


අදහස් (0)

ගැට්ලින් සමුගැනීමේ තීරණය කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.