Last Update  :  2025-05-05 11:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල හඹාගොස් ජය ගනී
නැෂනල් සුපර් ලීග්

ගාල්ල හඹාගොස් ජය ගනී

editorial - 2022 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධනංජය ලක්ෂාන්....

හේෂාන් හෙට්ටිආරච්චිගේ (31/3) සහ ධනංජය ලක්ෂාන්ගේ (40/3) දක්ෂ පන්දු යැවීම හමුවේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (28) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 5 වැනි තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 34.2 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

වේගවත් පිතිහරඹයන්හී නිරත වූ අශාන් රන්දික පන්දු 38 කදි හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 49 ක් සහ ධනංජය ලක්ෂාන් පන්දු 29 කදි හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් රැස්කරමින් ගාල්ල පිලේ ජයග්‍රහණය දායක වූහ.

පන්දු 66 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් ලබාගත් මුදිත ලක්ෂාන් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ළහිරු සමරකෝන් කඩුලු 3 ක් සහ අශාන් ප්‍රියංජන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද දඹුල්ල කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනූ ගාල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට ඕවර 49.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165 ක් පමණි.

පවන් රත්නායක පන්දු 75 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් සහ දුෂාන් හේමන්ත පන්දු 51 කදී හතරේ පහරක් සමගින් ලකුණු 25 ක් ලබාගත්තේය.

ලකුණු 107 කට කඩුලු 9 ක් දැවී තිබියදී අවසන් කඩුල්ල සඳහා එක්වූ ලක්ෂාන් සඳකැන් සහ විශ්ව ප්‍රනාන්දු පන්දු 104 කදි ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දඹුල්ල පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ලක්ෂාන් සඳකැන් පන්දු 52 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 34 ක් ද විශ්ව ප්‍රනාන්දු පන්දු 55 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 14 ක් ලබාගැනීමට සමත්වූහ.


දඹුල්ල කණ්ඩායම - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 165
(පවන් රත්නායක 44, දුශාන් හේමන්ත 25, ලක්ෂාන් සඳකැන් 34, හේෂාන් හෙට්ටිආරච්චි 31/3, ධනංජය ලක්ෂාන් 40/3)

ගාල්ල කණ්ඩායම - ඕවර 34.2 කදී කඩුලු 7 ක් දැවී 166
(ධනංජය ලක්ෂාන් 32, අශාන් රන්දික 49, මුදිත ලක්ෂාන් නොදැවී 37, ළහිරු සමරකෝන් 37/3, අශාන් ප්‍රියංජන් 38/2)

හේෂාන් හෙට්ටිආරච්චි...

 

- 2079


අදහස් (0)

ගාල්ල හඹාගොස් ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.