Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සුගතදාස පිටියේදී අද (10) ආරම්භවූ ආසියානු ක්‍රීඩා පළමු තේරීම් තරගාවලියේදී රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් මීටර 3.65 කට නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදා ක්‍රීඩිකා කෞෂල්‍යා පෙරේරා සමත් වූවාය.
ඇය මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාව මේ වනවිට සිව් වතාවක් අලුත් කිරීමට සමත්ව සිටින අතර අවසන් වරට වසර 2021 නොවැම්බර් 23 වැනිදා කොළඹ පැවැති තරගාවලියකදී ඇය රිටි පැනීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවූයේ මීටර 3.60 ක දක්ෂතාවක් දක්වමිනි.
මෙම වසරට නියමිත 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ ‘හැන්ග්ෂු’ නුවරදී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනෙන තේරීම් තරගාවලිය අදත් හෙටත් කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ.
මෙම වසරේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු සංචිතයට නම් කිරීමද මෙම තේරීම් තරගාවලියෙන් අනතුරැව සිදු කෙරේ.
අද දිනයේදී කනිෂ්ඨ තරග ඉසව් බහුතරයක් පැවැති අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කියන්නේ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා අඩු සංඛ්‍යාවකින් යුත් සංචිතයක් නම්කරන බවයි. එහෙත් එය පසුව යාවත්කාලීන කෙරෙනු ඇත.
රිටි පැනිම (කාන්තා) ඉසව්වේ ආසියානු තරග වාර්තාව මීටර 4.72 ක අගයක් ගන්නා අතර එහි හිමිකාරිය වන්නේ චීන ක්‍රීඩිකා ලී ලීන්ග් ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.