Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සහ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් නව වාර්ෂික ගිවිසුමේ කාණ්ඩ දෙකක් පහත හෙළිමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව පියවර ගෙන ඇත. එමෙන්ම ඉෂාන්ත් ෂර්මා, අජින්ඛ්‍යා රහනේ සහ චෙතේෂ්වර් පුජාරා ද එක් කාණ්ඩයක් පහතට දමා තිබේ.
මෙම වාර්ෂික ගිවිසුම පසුගිය වසරේ (2021) ඔක්තෝබර් සිට මේ වසරේ (2022) සැප්තැම්බර් දක්වා වලංගු වන අතර මෙම නව ගිවිසුම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලන සභාවේ අනුමැතිය හිමිව ඇත.
ඉන්දීයාවේ සියළුම කණ්ඩායම්හි නායකත්වය හිමිවූ රෝහිත් ෂර්මා, හිටපු නායක විරාත් කෝලි සහ සීමිත ඕවර කණ්ඩායම්හි උපනායක ජස්ප්‍රිත් බුම්රා යන ක්‍රීඩකයන් තිදෙනා පමණක් ඉහළම කාණ්ඩයේ (A+) රඳවා තබා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව ඔවුන්ට ඉන්දීය රුපියල් කෝටි 7ක වාර්ෂික ගිවිසුමක් හිමිවේ.
පසුගිය වසරේදී ක්‍රීඩකයන් 10 දෙනෙකුට ඉන්දීය රුපියල් කෝටි 5 ක වාර්ෂික ගිවිසුමක් හිමිව තිබුනද එය මේ වසරේදී හරි අඩකින් අඩු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව ලෝකේෂ් රාහුල්, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, රිෂාබ් පාන්ට් මොහොමඩ් ෂාමී ‘ඒ’ කාණ්ඩයේ රඳවා ගන්නා විට ඉෂාන්ත් ෂර්මා, අජින්ඛ්‍යා රහනේ සහ චෙතේෂ්වර් පුජාරා ‘බී’ කාණ්ඩය දක්වාද, හර්දික් පාණ්ඩ්‍යා සහ ශිකර් ධවාන් ‘සී’ කාණ්ඩය දක්වාද පහත හෙළ ඇත.
පසුගිය වසර දෙක තුළ ශාරීරික යෝග්‍යතා ගැටළු වලින් පීඩා විඳි හර්දික් පාණ්ඩ්‍යා පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලානයෙන් පසුව ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර නැත. එමෙන්ම ඕවර 50 තරග සඳහා පමණක් සීමාවූ ක්‍රීඩකයකු බවට ශිකර් ධවාන් පත්ව ඇත.
ඉන්දීය රුපියල් කෝටි 3 ක වාර්ෂික ගිවිසුමක් හිමි ‘බී’ කාණ්ඩය සඳහා ඉෂාන්ත් ෂර්මා, අජින්ඛ්‍යා රහනේ සහ චෙතේෂ්වර් පුජාරා පහත වැටුණු අතර ‘සී’ කාණ්ඩයේ සිටි අක්සාර් පතෙල්, ශ්‍රෙයාස් අයියර් සහ මොහොමඩ් සිරාජ් ‘බී’ කාණ්ඩය කාණ්ඩය වෙත උසස්වීමක් ලැබූහ. පසුගිය වාර්ෂික ගිමිසුමේදී ‘බී’ කාණ්ඩයේ රැඳී සිටි ශර්දුල් ඨාකූර් මෙම වසරේදීද එම කාණ්ඩයේම රැඳී සිටින්නේය.
මෙවර වාර්ෂික ගිවිසුම් ප්‍රධානයේදී ඉන්දීය රුපියල් කෝටි 1 ක වාර්ෂික ගිවිසුමක් ‘සී’ කාණ්ඩයේ ක්‍රිඩකයන් 12 දෙනෙකුට හිමිවූහ. ඊට කාණ්ඩ දෙකක් පහත වැටුණු හර්දික් පාණ්ඩ්‍යා සහ ශිකර් ධවාන් ද, එක් කාණ්ඩයක් පහතු වැටුණු බුවනේෂ්වර් කුමාර්, උමේෂ් යාදව්, මයන්ක් අගර්වාල්, විරිධිමාන් සාහා යන ක්‍රීඩකයන් අයත් වූහ. ඊට අමතරව ශුබ්මන් ගිල්, හනුමා විහාරී, වොෂින්ටන් සුන්දර්, දීපක් චාහර්, යුස්වේන්ද්‍ර චාහල් පසු ගිය වසරේදී මෙන්ම මෙවරත් ‘සී’ කාණ්ඩයේ රැඳී සිටින අතර සූර්ය කුමාර් යාදව්ට අලුතින් වාර්ෂික ගිවිසුමක් හිමිවිය.
‘ඒ’+ කාණ්ඩය (ඉන්දීය රුපියල් මිලියන 70 යි)
රෝහිත් ෂර්මා, විරාත් කෝලි සහ ජස්ප්‍රිත් බුම්රා
‘ඒ’ කාණ්ඩය (ඉන්දීය රුපියල් මිලියන 50 යි)
ලෝකේෂ් රාහුල්, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, රිෂාබ් පාන්ට් මොහොමඩ් ෂාමී
‘බී’ කාණ්ඩය (ඉන්දීය රුපියල් මිලියන 30 යි)
ඉෂාන්ත් ෂර්මා, අජින්ඛ්‍යා රහනේ සහ චෙතේෂ්වර් පුජාරා, ශර්දුල් ඨාකූර්, අක්සාර් පතෙල්, ශ්‍රෙයාස් අයියර් සහ මොහොමඩ් සිරාජ්
‘සී’ කාණ්ඩය
හර්දික් පාණ්ඩ්‍යා, ශිකර් ධවාන්, බුවනේෂ්වර් කුමාර්, උමේෂ් යාදව්, මයන්ක් අගර්වාල්, රිධිමාන් සාහා, ශුබ්මන් ගිල්, හනුමා විහාරී, වොෂින්ටන් සුන්දර්, දීපක් චාහර්, යුස්වේන්ද්‍ර චාහල් සහ සූර්ය කුමාර් යාදව්
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.