Last Update  :  2025-07-29 15:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ - මහනුවර අවසන් වටයට පිවිසීමේ සටනක
එල්.පී.එල්. 2021

කොළඹ - මහනුවර අවසන් වටයට පිවිසීමේ සටනක

editorial - 2021 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ කණ්ඩායම ...

(ශානුක අරවින්ද)

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට පිවිසීම සඳහා කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අතර සටනක් නිර්මාණය වී තිබේ. මූලික වටය අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතරේ රැදී සිටින කණ්ඩායම් 4 අවසන් වටයට සුදුසුකම් ලබන අතර තරග 16 ක් අවසන් වන විට කොළඹ කණ්ඩායම එහි සිවුවැනි ස්ථානයේද, මහනුවර කණ්ඩායම එහි පස්වැනි ස්ථානයේද රැදී සිටිති.

යාපනය, ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාවන් අනුව මේ වන විටත් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා සිටිති. එහෙත් කොළඹ සහ මහනුවර කණ්ඩායම් තවමත් අවසන් වටයට සුදුසුකම් ලබා නොමැත. එම කණ්ඩායම් දෙකට මූලික වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් තරග 2 බැගින් ඉතිරිව තිබේ.

ඉන් එක් තරගයක් ජයගතහොත් කොළඹ කණ්ඩායම අවසන් වටයට පිවිසිය හැකිය. එහෙත් මහනුවරට කණ්ඩායම අවසන් වටයට පිවිසීමට සඳහා ඉතිරිව ඇති තරග 2 ජයගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර කොළඹ කණ්ඩායම සෙසු තරගය දෙක පරාජය වන තෙක් බලා සිටීමටද සිදුවනු ඇත.  

හෙට (16 වැනිදා) දිනයේදී කොළඹ කණ්ඩායම යාපනය කණ්ඩායමට එරෙහිවත්, මහනුවර කණ්ඩායම දඹුල්ල කණ්ඩායමට එරෙහිවත් තරග බිමට පිවිසෙන අතර අනිද්දා (17 වැනිදා) දිනයේදී කොළඹ සහ මහනුවර කණ්ඩායම් මුහුණට මුහුණ ගැටීමට නියමිතය.

මේ දක්වා තරග 6 කට කී‍්‍රඩා කර ඇති කොළඹ කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගෙන, 3 ක් පරාජයට පත්වී ලකුණු 6 ක් ලබා සිටින අතර තරග 6 කට කී‍්‍රඩා කර ඇති මහනුවර කණ්ඩායම ඉන් එක් තරගයක් ජයගෙන, තරග 5 ක් පරාජය වෙමින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 2 කි.

යාපනය කණ්ඩායම තරග 6 කින් 5 ක් ජයගෙන ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් තරග 3 බැගින් ජයගෙන ලකුණු 7 බැගින් ලබා දළ ලකුණු වේගය අනුව පිළිවෙලින් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.

මහනුවර කණ්ඩායම ...


අදහස් (0)

කොළඹ - මහනුවර අවසන් වටයට පිවිසීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.