Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ මැරතන් තරගයට විදේශිකයන් 175 ක්

කොළඹ මැරතන් තරගයට විදේශිකයන් 175 ක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ 15 වැනි අදියර දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ලබන ඔක්තෝබර් මස 4 වැනිදා පැවැත්වේ.

කොළඹ කී‍්‍රඩා අමා්‍යංශය අසළින් එදින පෙරවරු 6.00 ට ආරම්භ වන මෙම මැරතන් තරගය, බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ සහ වත්තල හරහා ගොස් හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය ඔස්සේ පමුණුගම, තලාහේන, පිටිපන,  දුව හරහා මීගමුව වෙරළ උද්‍යානයට පැමිණිමෙන් අවසන්වේ.

මෙම තරගය පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම කාණ්ඩ 6 ක් යටතේ පැවැත්වේ. විවෘත පූර්ණ මැරතන් තරගය, විවෘත අර්ධ මැරතන් තරගය, වයස 50 න් ඉහළ ප‍්‍රවීණයන්ගේ පූර්ණ මැරතන් තරගය, වයස 50 න් ඉහළ ප‍්‍රවීණයන්ගේ අර්ධ මැරතන් තරගය, විනෝද ධාවන තරගය, අර්ධ විනෝද ධාවන තරගය එම කාණ්ඩ 6 ට ඇතුළත්වේ.

මෙහි පූර්ණ මැරතන් තරගයේ මුළු දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 42.195 ක් වන අතර අර්ධ මැරතන් තරගයේ දුර කිලෝ මීටර් 21.097 කි. විනෝද ධාවන තරගය කිලෝ මීටර් 10 කින්ද, අර්ධ විනෝද ධාවන තරගය කිලෝ මීටර් 5 කින්ද සමන්විත වේ.

මේ වන විට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5000 කට වැඩි සංඛ්‍යාවක් තරගය සඳහා ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව 7000 ඉක්මවනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

රටවල් 30 ක් නියෝජනය කරමින් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 175 කට ආසන්න වේ.

තරගයේ ප‍්‍රධානම කාණ්ඩය වන විවෘත පූර්ණ මැරතන් තරගයේ ජයග‍්‍රාහකයාට සහ ජයග‍්‍රාහිකාවට ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක් සහ ගුවන් ටිකට්පතක් බැගින් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන් ලක්ෂ හතලිස් දහසක් (340,000) පමණ වේ.

තවද එහි දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1500 ක් බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් බැගින්ද පිරිනැමේ.

ඉකුත් වසරේ පැවති තරගය සඳහා සහභාගී වූ තරගකරුවන් සංඛ්‍යාව 5126 ක් වූ අතර ඊට විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 197 ක් ඇතුළත් වූහ.

පැය 2 යි විනාඩි 18 යි තත්පර 33 කින් තරගය අවසන් කළ කෙන්යාවේ ජෙෆ්ර් බර්ජන් එම තරගය ජයගතතේය. එවර තරගය අවසන් කළ ප‍්‍රථම කාන්තාව වූයේ කෙන්යාවේ විනිපී‍්‍රඩා ක්වාම්බෝකාය. ඇයට තරගය අවසන් කිරීමට පැය 2 යි විනාඩි 46 යි තත්පර 53 ක කාලයක් ගතවිය.

එම තරගාවලියේ කාන්තා අංශයේ දෙවැනි ස්ථානය දිනාගත් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නිලූකා ගීතානි රාජසේකර, නව ශී‍්‍ර ලංකා වාර්තාවක්ද පිහිටුවමින් පැය 2 යි විනාඩි 47 තත්පර 55 කින් තරගය නිමා කළාය. එහිදී ඇය 2016 වසරේ බ‍්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නතරයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියටද සුදුසුකම් ලබාගත්තාය.
 
ලංකා ස්පෝට්ස්රයිසන් සමාගම විසින් සංවිධානය කරන මෙම මැරතන් තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශි‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කරයි. ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ පූර්ණ අධීක්‍ෂණය ඇතිව තරගය පැවැත්වේ.

 


අදහස් (0)

කොළඹ මැරතන් තරගයට විදේශිකයන් 175 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.