Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ 2-0 කින් බංග්ලාදේශය පරදවති

කොදෙව්වෝ 2-0 කින් බංග්ලාදේශය පරදවති

editorial - 2022 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. තරගාවලිය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ කයිල් මේයර්ස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ කිසිවකු නොදැවී සිවුවැනි දිනයේ (27 වැනිදා) තේ පානයෙන් අනතුරුව එම ඉලක්කය සපුරාගත්හ. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමට සිවුවැනි දිනයේදී සියලු දෙනා දැවී සිය දෙවැනි ඉනිමට එක්කරගත හැකි වූයේ ලකුණු 54 ක් පමණි.

බංග්ලාදේශ දෙවැනි ඉනිම සුනුවිසුණු කළ කොදෙව් වේග පන්දු යවන්නන් වන කේමර් රෝච්, අල්සාරි ජෝෂප් සහ ජේඞ්න් සීල්ස් කඩුලු 3 බැගින් දවාගත්හ. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නුරුල් හසන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 60 ක් ලබා ගත්තේය. 

බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 234 

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 408 

බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 186 
(නජ්මුල් හොසේන් 42, ලිටන් දාස් 19, සකීබ් අල් හසන් 16, නුරුල් හසන් නොදැවී 60, ජේඞ්න් සීල්ස් 21/3, කේමර් රෝච් 54/3, අල්සාරි ජෝෂප් 57/3) 

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 13 

-036 


අදහස් (0)

කොදෙව්වෝ 2-0 කින් බංග්ලාදේශය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.