Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොවිඩ්-19 වයිරසය ආසාදනය වී, ඉන් සුවය ලබා සිටින කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට (15 වැනිදා) කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි විස්සයි-20 තරගයට සහභාගි වීමට සූදානමින් සිටියි.
මේ මස 7 වැනිදා මුහුණදුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් කුසල්ට තරගාවලියේ පළමු තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. එදිනම මුහුණදුන් පී.සී.ආර්. පරීක්ෂණයකදී කුසල්ට වයිරසය ආසාදනය වී ඇති බව සනාථ විය.
කණ්ඩායමෙන් ඉවත්ව දින 7 ක නිරෝධානය ක්‍රියාවලියකට භාජනය වීමෙන් අනතුරුව ඊයේ (13 වැනිදා) කුසල් පරීක්ෂණයකට යොමු කෙරුණ අතර එහිදී ඔහු ඍණාත්මක ප්‍රතිඵල පෙන්වීය. ඒ අනුව අද (14 වැනිදා) තවත් පරීක්ෂණයකට මුහුණදීමට කුසල්ට සිදුවූ අතර එහි ප්‍රතිඵලයද ඍණාත්මක වීම හේතුවෙන් ඔහුට හෙට තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව උදාවී ඇත.
වෛද්‍ය කණ්ඩායමේ අවසරය ලැබීමෙන් අද දිනයේදී කුසල් යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව පුහුණුවීම්වල නිරත විය. පළමු තරග දෙකට ඔහු ක්‍රීඩා නොකිරීම හේතුවෙන් එහිදී දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළේය.
ඉකුත් වසරේ (2021) පැවැති එංගලන්ත සංචාරයේදී ජෛව බුබළ කඩ කිරීම හේතුවෙන් වසරක ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටි කුසල්, මෙම වසරේ ජනවාරි මස 7 වැනිදා එම තහනමෙන් මිදුන අතර ඉන් අනතුරුව ඔහු සහභාගි වූ පළමු විදෙස් සංචාරය මෙය විය.
චමී Monday, 14 February 2022 08:23 PM
මරු මරු... දියසෙන් කුමාරයා එනවා කියන්නේ ඉතුරු ටිකත් ගොඩ තමයි. අපිට නෙමේ ඔවුන්ට.. මොකද ඒ අයගේ 11යි.. අම්පයර්ලා දෙන්නයි.. කුසලුයි. ඔවුන්ට 14ක් ඉන්නවා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.