Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් ජනිත්ට පොලිසියේ උසස් නිලයක්

කුසල් ජනිත්ට පොලිසියේ උසස් නිලයක්

editorial - 2021 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාට ඉහළ තනතුරක් දීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් වී තිබේ. එහෙයින් කුසල් ජනිත් පෙරේරා දැනට ක්‍රීඩා කරන කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයට එක්වීමට සූදානමින් සිටී.

වසර 12 කට ආසන්න කාලයක් කෝල්ට්ස් පිල නියෝජනය කළ කුසල් පෙරේරා පළමු පෙළ තරග 76 කදී ශතක 13 ක් සමගින් ලකුණු 4949 ක් ලබා ඇත. පළමු පෙළ තරගයකදී ඔහුගේ හොඳම ලකුණු සංඛ්‍යාව වන්නේ සැරසන්ස් පිලට එරෙහිව ලබාගත් ලකුණු 336 වේ.

කුසල් ජනිත් පෙරේරාට අමතරව චාමර සිල්වා, කිත්රුවන් විතානගේ, භානුක රාජපක්ෂ, තිලකරත්න සම්පත්, විශාද් රංදික, නිසල තාරක, ප්‍රියමාල් පෙරේරා යන ක්‍රීඩකයන් 7 දෙනාද පොලිස් ක්‍රීඩා සමාජය සමගින් එක්වීමට මේ වනවිටත් ගිවිසුම් අත්සන් කර ඇත. මෙම ක්‍රීඩකයන් 7 දෙනාටද පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු හිමිවීමට නියමිතව ඇති අතර ඉන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තමන්ට උසස් නිලයක් හිමි නොවන්නේ නම් පොලිස් පිල හා එක් නොවන බවද කියා තිබේ.
 
අවසන් වරට පැවැති දේශීය සීමිත ඕවර තරගාවලියේදී කුසල් ජනිත් පෙරේරා, කිත්රුවන් විතානගේ, විශාද් රංදික සහ ප්‍රියමාල් පෙරේරා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයද නියෝජනය කළහ. චාමර සිල්වා බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර භානුක රාජපක්ෂ බී.ආර්.සී. ක්‍රීඩා සමාජයද, තිලකරත්න සම්පත් බදුරලිය ක්‍රීඩා සමාජයද, නිසල තාරක මීගමුව ක්‍රීඩා සමාජයද නියෝජනය කළහ.

මොවුන්ට තනතුරු ලබාදීම ස්ථීරවී ඇතත් නිල ඇඳුම් පළඳින්නේ කවදාද යන්න පිළිබඳව තවමත් දැනුම්දී නොමැත. දේශීය තරගාවලිය අවසන්වීමෙන් පසුව බොහෝ දුරට ඔවුන්ට පොලිස් දෙපාර්තමේන්තුවේ තනතුරු ප්‍රදානය කෙරෙනු ඇත.

 


අදහස් (0)

කුසල් ජනිත්ට පොලිසියේ උසස් නිලයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.