Last Update  :  2025-08-23 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කී‍්‍රඩාවේ අක‍්‍රමිකතා සොයන්න ත‍්‍රිපුද්ගල කමිටුවක්

කී‍්‍රඩාවේ අක‍්‍රමිකතා සොයන්න ත‍්‍රිපුද්ගල කමිටුවක්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පසුගිය කාලයේදී දූෂණ හා අක‍්‍රමිකතා සිදු වී තිබේදැයි සොයා බැලීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ක‍්‍රීඩා ඇමති නවීන් දිසානායක මහතා අද (2) පියවර ගත්තේය.

එහි සභාපතිවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ධර්මසේන දිසානායක මහතා පත් කර තිබේ. මහ භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු වන තාමසිවම් පද්මනාදන් සහ පෞද්ගලික අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන රුස්ලි හුසේන් යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

ඉදිරි මාසයක කාලයක් තුළදී ඒ පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක් සපයන ලෙස ක‍්‍රීඩා ඇමැතිවරයා එම කමිටුවට උපදෙස් දී තිබේ.

ක‍්‍රීඩා ඇමතිධුරයේ වැඩ බාර ගනිමින් පැවති උත්සවයේදී ඇමැති දිසානායක මහතා පැවසුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පසුගිය කාලයේ සිදු වී ඇතැයි කියන අක‍්‍රමිකතා හා දූෂණ පිළිබඳව ලැබී තිබෙන චෝදනා සත්‍ය දැයි සෙවීම සඳහා මෙම කමිටුව පත් කළ බවය. ඒ පිළිබඳව ඇඟිලි දික් කරමින් සිටිනවාට වඩා එහි සත්‍ය අසත්‍යභාවය සෙවීම වඩාත් වැදගත් වන බැවින් මෙම තීරණයට පැමිණි බවය. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ එසේ දූෂණ හෝ අක‍්‍රමිකතා පිළිබඳව තමන් දන්නා කරුණු වෙතොත් ඒවා මෙම කමිටුවට පරීක්‍ෂණ සඳහා බාරදිය හැකි බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

කී‍්‍රඩාවේ අක‍්‍රමිකතා සොයන්න ත‍්‍රිපුද්ගල කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.