ශ්‍රී ලංකා වයස අවුරුදු 16 න් පහළ කාන්තා පැසිපන්දු කණ්ඩායම පුහුණු සැසියකට සහභාගීවීම සඳහා ඊයේ (6 වැනිදා) මැලේසියාවට පිටත්ව ගියේය.
අන්තර් ජාතික පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන 3 වැනි ආසියානු වයස අවුරුදු 16 න් පහළ පැසිපන්දු ශූරතාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙම පුහුණු සැසියට සහභාගී විය.
මේ මස 23 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන පැසිපන්දු තරගාවලියට රටවල් 12 නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් සහභාගී වීමට නියමිතය.
පුහුණු සැසිය අතරවාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග 4 කට සහභාගීවන අතර ඉන්පසුව අවසන් පුහුණුවීම් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.
සංචාරයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස රොෂාන් රන්දිම සහ සුසිල් උඩුකුඹුර යන මහත්වරුන් කටයුතු කරන අතර දීපා කුමාරි මහත්මිය කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කරයි.
පුහුණු සංචාරයට එක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 16 න් පහළ කාන්තා කණ්ඩායම
ශෙරීන් පී්රනා, චතුරි ලියනගේ, ඉමේෂි ප්‍රනාන්දු සහ ප්රශිකා ඉලංගකෝන් (කොටහේන යහපත් එඬේරාගේ කන්යාරායම), බිහානි සෙනෙවිරත්න සහ ටයිරා ද සිල්වා (කොළඹ ජාත්‍යන්තර පාසල), සනුරි ද සිල්වා, දිලූමි ගුණවර්ධන, මන්තිලා ගල්ලස්සගේ සහ ශමල්කා ප්‍රනාන්දු (කොළඹ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය), චලනි පෙරේරා සහ අයේශා ගමගේ (මීගමුව ශාන්ත ජෝශප් විදුහල), නිර්මා සසන්ති (වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කාන්තා පාසල), රෙසුරි විජේසුන්දර (විශාකා විදුහල), මල්ෂා වර්ණුකුල (ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.