Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කින් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 කින් සමන්විත තරග සංචාරයක නිරත වීම සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 19 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය.
පොදු රාජ්‍යය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් ලෙස ක්‍රීඩා කළ විෂ්මි ගුණරත්න, මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නොමැත.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටීම හේතුවෙන් විෂ්මිට මෙම තරග සංචාරය අහිමිවී ඇත. ඇය වෙනුවට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අතිරේක ක්‍රීඩිකාවක ලෙස කටයුතු කළ ඉමේෂා දුලානි ශ්‍රී ලංකා කාන්තා සංචිතයට සංචිතයට කැඳවා ඇත.
පොදු රාජ්‍යය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා සංචිතයට ඇතුළත්ව සිටි තාරිකා සෙව්වන්දිටද මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් හිමිවී නැත. කෙසේ වුවත් ඇය මෙම තරගාවලිය සඳහා අතිරේක ක්‍රීඩිකාවක ලෙස නම් කරනු ලැබ සිටියි.
මේ වන විට ඩුබායිහිදී පැවැත්වෙන ෆයර්බ්‍රේක් ආරාධිත කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින චමරි අතපත්තු එම තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිතය. එම තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිත ඇත්තේ මෙම මස 15 වැනිදාය.
මේ දක්වා එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්ව සිටින ඇය තරග 3 කදී ශතකයක් සමග ලකුණු 191 ක් ලබා සිටින්නේ 95.5 ක සාමාන්‍යයක් සහ 167.54 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. එහිදී ඇයගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ නොදැවී 107 ක්, 42 ක් සහ 42 ක් ලෙසිනි.
ශ්‍රී ලංකා සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය මෙම මස 24 වැනිදා ආරම්භ වන අතර එහි සෙසු තරග දෙක 26 වැනිදා සහ 28 වැනිදා පැවැත්වේ. එක්දින තරග 3 පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මස 1, 3 සහ 5 යන දිනවලදීය. එම සියලුම තරග කරච්චිහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, ප්‍රසාදිනී විරක්කොඩි, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කෞෂල්‍යා, ඉනෝකා රණවීර, උදේෂිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, ඕෂධී රණසිංහ සහ අනුෂ්කා සංජීවනී
අතිරේක ක්‍රීඩිකාවෝ
කාව්‍යා කාවින්දි, රෂ්මි ද සිල්වා, සත්‍යා සංදීපනී, මල්ෂා ෂෙහානි සහ තාරිකා සෙව්වන්දි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.