Last Update  :  2026-03-25 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා පරිපාලනය ගැන පුහුණුව ලබා විසිර යති

ක්‍රීඩා පරිපාලනය ගැන පුහුණුව ලබා විසිර යති

editorial - 2026 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක්‍රීඩාව එකකි. ක්‍රීඩාවේ පරිපාලනය තවත් එකකි. 

පරිපාලනය කුමක් ද යන්න හරියට නොදැන, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවේ පරිපාලනයට අතදැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ අවස්ථා ගණන් කළ නොහේ. අනෙක් අතට ඇතැම් ක්‍රීඩාවල ඇතිවූ අර්බුදයන්ද නිමාවක් නැත. 

මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා වසර කිහිපයකට ඉහතදී ජාතික ඔලිම්පික් කමිටුව ආරම්භ කළ ක්‍රීඩා පරිපාලන පාඨමාලාවේ 2026 පළමු කණ්ඩායම පසුගිය 22 වැනිදා තම පුහුණුව අවසන් කළේය. මෙම පාඨමාලාව මාර්තු 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ ඔලිම්පික් මන්දිරයේදී පැවැත්විණ. 

හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාතික සම්මේලන, විශ්ව විද්‍යාල, ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රට පුරා ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා ආයතන කිහිපයක් නියෝජනය කරමින් 36 දෙනෙක් මෙම පාඨමාලාවට එක්ව සිටියහ. 

මෙම වැඩසටහන මූලික වශයෙන් සැලසුම් කර තිබුණේ ලබන මාසයේ චීනයේ සන්යා නුවරදී පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හා සම්බන්ධ නිලධාරීන්ගේ සහ දැනුම වඩාත් මුවහත් කිරීමේ අභිලාෂයෙනි. 

ගෲප් කපිතාන් (විශ්‍රාමික) නලින් ද සිල්වා, ආචාර්ය (රියර් අද්මිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු, අනෝමා රත්නායක සහ ගෝබිනාත් සිවරාජා වැනි පළපුරුදු ආචාර්ය මණ්ඩලයක මඟ පෙන්වීම යටතේ මෙම සිව්දින පාඨමාලාව පැවැත්විණ. ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මියගේ දායකත්වයෙන් ද මෙම වැඩසටහන වඩාත් සාර්ථක විය. 

ඔලිම්පික් ව්‍යාපාරය සහ එහි පාලන ව්‍යුහය, ක්‍රීඩාවේ ආචාර ධර්ම හා පිරිසිදු ක්‍රීඩා පිළිවෙත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය, නායකත්වය සහ සන්නිවේදනය, ක්‍රීඩා විද්‍යාව හා තාක්ෂණය, පාලනය, අවදානම් අවස්ථා කළමනාකරණය සහ මෙහෙයුම් ඇතුළු නවීන ක්‍රීඩා පරිපාලනය සඳහා අත්‍යවශ්‍ය මාතෘකා රාශියක් මෙම පාඨමාලාවට ඇතුළත්ව තිබිණ. න්‍යායාත්මක අවබෝධය මෙන්ම ප්‍රායෝගික භාවිතාව යන අංශ දෙකම සංකලනය කරමින්, අන්තර්ක්‍රියාකාරී සැසි, ප්‍රශ්නාවලි, කණ්ඩායම් සාකච්ඡා සහ ඉදිරිපත් කිරීම් වලින් මෙම පාඨමාලාව සමන්විත විය. 

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන උමායා රත්නායක මෙම පාඨමාලාව හැඳින්වූයේ තම ජීවිතයේ පරිවර්තනීය අත්දැකීමක් ලෙසිනි.

“මෙය මා මෙතෙක් සහභාගී වූ වඩාත්ම ප්‍රතිලාභදායක වැඩසටහන් වලින් එකක්. සම්පත්දායකයින්ගෙන් ලැබුණු මගපෙන්වීම මගේ පුද්ගල සංවර්ධනයට උපකාරී වෙනවා වගේම, ඉදිරියේදී කාර්යාලයීය මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ සාර්ථක වීමටත් මෙතැනින් උගත් දේ මට බොහෝ උපකාරී වේවි.” යයි උමායා රත්නායක පැවසුවාය. 

 

- 213

 


අදහස් (0)

ක්‍රීඩා පරිපාලනය ගැන පුහුණුව ලබා විසිර යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.