Last Update  :  2025-07-27 20:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිෂ්ණාගේ පන්දු යැවීම ඉන්දියාවට ජය ගෙනෙයි
කොදෙව් පිලේ ඉන්දීය සංචාරය

ක්‍රිෂ්ණාගේ පන්දු යැවීම ඉන්දියාවට ජය ගෙනෙයි

editorial - 2022 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 238 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට ප්‍රසිද් ක්‍රිෂ්ණා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 46 ක් අවසන් වන විට සියලු දෙනා ලබාගත හැකි වූයේ ලකුණු 193 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිෂ්ණා ලකුණු නිලකුණු ඕවර 3 ක් සමග ඕවර 9 ක් යවමින් ලකුණු 12 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. 

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශාමර් බෘක්ස් පන්දු 64 කදී හයේ පහර 2 ක්  සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 44 ක් රැස්කළේය. අකීල් හොසේන් පන්දු 52 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද, ඔඩේන් ස්මිත් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක්ද රැස්කළ නමුත් කොදෙව් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 237 ක් ලබාගත් අතර එහිදී සූර්යකුමාර් යාදව් පන්දු 83 කදී ලකුණු 64 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. ලොකේෂ් රාහුල් (49) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 106 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද යාදව් සමත් විය. 

පන්දු 48 කදී වාර්තා වූ රාහුල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. වොෂින්ටන් සුන්දර් පන්දු 41 කදී හතරේ පහරක් සමග ලකුණු 24 ක්ද, දීපක් හූඩා පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහළ දැමූහ. 

ඉන්දීය පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 237
(රිෂාබ් පාන්ට් 18, විරාට් කෝලි 18, ලෝකේෂ් රාහුල් 49, සූර්යකුමාර් යාදව් 64, වොෂින්ටන් සුන්දර් 24, දීපක් හූඩා 29, ඔඩේන් ස්මිත් 29/2, අල්සාර් ජෝෂප් 36/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 46 කදී සියලු දෙනා දැවී 193 
(ශායි හෝප් 27, බ්‍රෙන්ඩන් කිං 18, ශාමර් බෘක්ස් 44, අකීල් හොසේන් 34, ඔඩේන් ස්මිත් 24, ප්‍රසිද් ක්‍රිෂ්ණා 12/4, ශර්ධුල් ඨාකුර් 41/2) 

-036 


අදහස් (0)

ක්‍රිෂ්ණාගේ පන්දු යැවීම ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.