Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කසක්ස්තානය 69-45 කින් ශී‍්‍ර ලංකාව පරදවයි

කසක්ස්තානය 69-45 කින් ශී‍්‍ර ලංකාව පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වයස 16 න් පහළ කාන්තා පැසිපන්දු තරගාවලියේ දෙවැනි කාණ්ඩය යටතේ ඊයේ (26) පැවති තරගයකින් ශී‍්‍ර ලංකාව පිල පරදවා ලකුණු 69 - 45 ක පහසු ජයක් ලබාගැනීමට කසක්ස්තාන කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

ආරම්භයේ සිට පළමු කාර්තුව නිමා වන තෙක්ම තරගය දෙපිලටම විවෘතව පැවති අතර එහිදී ලකුණු 16 - 13 ක් ලෙස කසක්ස්තාන කී‍්‍රඩිකාවෝ පෙරමුණ ගත්හ.

කසක්ස්තාන පිලට වඩා ලකුණු 3 ක් පිටුපසින් සිටිමින් ශ්‍රී ලංකා පිල දෙවැනි කාර්තුවට පිවිසි අතර දෙවැනි කාර්තුවේ පළමු මිනිත්තුව අවසන් වීමටත් මත්තෙන් ශ්‍රී ලංකා පිලේ චතුරි ලියනගේ තවත් ලකුණු 3 ක් ලකුණු පුවරුවට එක් කරමින් දෙපිලේ ලකුණු මට්ටම සම තත්ත්වයට පත්කළේ නරඹන්නන් අමන්දානන්දයට පත්කරමිනි.

ඉන් නොසැළුන කසක්ස්තාන කී‍්‍රඩිකාවෝ ඉතා ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කරමින් වේගවත් ලෙස ලකුණු රැස්කිරීමට කී‍්‍රයාත්මක වූයේ නැවතත් තරගයේ වාසිය තමන් වෙත හරවා ගනිමිනි.

ඒ අනුව තරගයේ පළමු අර්ධය ලකුණු 41 - 23 ක් ලෙස නිමා කළ කසක්ස්තාන පිල ශී‍්‍ර ලංකාව පිලට වඩා ලකුණු 18 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි අර්ධය ආරම්භ කළේය.

තෙවැනි කාර්තුව තුළදී කසක්ස්තාන පිලට යම් තරමක තරගයක් දීමට සමත්වූ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ දෙවැනි කාර්තුවේදී පැවති ලකුණු 18 ක පරතරය ලකුණු 13 ක් දක්වා අඩු කරගනිමින් එම කාර්තුව ලකුණු 53 - 40 ක් ලෙස නිමා කළහ.

සිව්වැනි කාර්තුව ආරම්භ වනවාත් සමගම නැවතත් කී‍්‍රයාත්මකවූ කසකස්තාන කී‍්‍රඩිකාවෝ තෙවැනි කාර්තුවේ පෙන්නුම් කළ යම් තරමක පසුබෑම පසෙකලා ඉතා වේගයෙන් ලකුණු රැස්කළ අතර ශ්‍රී ලංකා පිලට එහිදී ලබාගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි.

කසක්ස්තාන කණ්ඩායම වෙනුවෙන් කොවලෙව්ස්කයා ඇලෙක්සැන්ඩි‍්‍රයා ලකුණු 19 ක් රැස්කළ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් සසන්ති සමරසිංහ ලකුණු 18 ක් රැස්කළාය.

මෙය ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේදී පිට පිට ලැබූ සිව්වැනි පරාජය වන අතර ඔවුන් සහභාගීවූ ඉතිරි තරග 3 ද හොංකොං, ජෝර්දාන් සහ තායිලන්ත කණ්ඩායම් හමුවේ පරාජයට පත්විය.

ලබන වසරේදී ස්ලෝවැක් දේශයේ බැටිස්ලාවාහි පැවැත්වීමට නියමිත 17 න් පහළ කාන්තා ලෝක පැසිපන්දු ශූරතාවලයේදී ආසියාව නියෝජය කරන කණ්ඩායම් 3 තෝරාගැනීම සඳහා පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 30 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දුනීසියාව අද (27 වැනිදා) තරග කිරීමට නියමිතය.

(තවත් ඡයාරූප බලන්න)


අදහස් (0)

කසක්ස්තානය 69-45 කින් ශී‍්‍ර ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.