Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ලාහොර් නුවර ගඩාෆි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැවෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 232 ක් ලබා සිටියේය.
පළමු දිනය අවසානයේ කැමරන් ගී‍්‍රන් හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද, ඇලෙක්ස් කේරි හතරේ පහරක් සමග ලකුණු 8 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. අද දිනයේදී ශහීන් අෆ්රිඩි සහ නසීම් ෂා කඩුලූ 2 බැගින් බෙදාගත් අතර පාකිස්තාන කණ්ඩායමට අවශ්‍යම කඩුල්ල දවාගනු ලැබුවේ සජීඞ් ඛාන් විසිනි.
ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ තෙවැනි ඕවරයේදී ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් (7) සහ මානස් ලැබුෂේන් (0) දවාගත් ශහීන් අෆ්රිඩි පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. කෙසේ වුවත් ස්ටීවන් ස්මිත් (59) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක සම්බන්ධතාවක් ගොඩනැගූ උස්මාන් කවාජා (91) ඕස්ටේ‍්‍රලියානු ඉනිමට නව ජවයක් එක් කළේය.
මුලූ ලකුණු සංඛ්‍යාව 146 ක්ව තිබියදී ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස නසීම් ෂාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ස්මිත් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. ඉන් අනතුරුව පිටියට පිවිසි ට‍්‍රැවීස් හෙඞ්ද, නසීම්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක මොහොමඞ් රිස්වාන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ලබා සිටියේ ලකුණු 26 ක් පමණි.
සිය 12 වැනි ටෙස්ට් ශතකය පෙනි පෙනී සිටියදී උස්මාන් කවාජා (91) දැවී ගියේ සජීඞ් ඛාන්ගේ පන්දුවක් හමුවේ බාබර් අසාම් අතට උඩ පන්දුවක් දෙමිනි. පිටියෙන් ඉවත්ව යන විට කවාජාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත වී තිබිණ. පළමු දිනයේදී තරමක් මන්දගාමී පිතිහරඹයක නිරත වූ ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ඕවරයකදී ලකුණු ලබාගැනීමේ වේගය සටහන් වූයේ 2.64 ක් ලෙසිනි.
ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 232
(උස්මාන් කවාජා 91, ස්ටීවන් ස්මිත් 59, ට‍්‍රැවීස් හෙඞ් 26, කැමරන් ගී‍්‍රන් නොදැවී 20, ශහීන් අෆ්රිඩි 39/2, නසීම් ෂා 40/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.