Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කර්ටිස් කැම්පර් ඉතිහාස පොතට

කර්ටිස් කැම්පර් ඉතිහාස පොතට

editorial - 2021 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කර්ටිස් කැම්පර් නෙදර්ලන්තයට එරෙහිව අබුඩාබි හි ඊයේ (18 වැනිදා) පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී පන්දු 4 කදී කඩුලු 4 ක් දවාලමින් විස්සයි20 ක්‍රිකට් ඉතිහාස පොතේ සිය නම සටහන් කර ගත්තේය. 

නෙදර්ලන්තයට එරෙහිව 10 වැනි ඕවරය යැවූ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක කර්ටිස් කැම්පර් විසින්  කොලින් ඇකර්මන් (11), රයන් ටෙන්-ඩස්කාටේ (0), ස්කොට් එඩ්වඩ්ස් (0) සහ රොල්ෆ් වෑන්ඩර් මර්ව් (0) පිට පිට පන්දු හතරකදී දවාගනිමින් එම දස්කම කළ තෙවැනි පන්දු යවන්නා බවට පත්විය. කෙසේ වෙතත් විස්සයි-20 ලෝක කුෂලාන තරගයකදී එවන් දස්කමක් කළ පළමුවැන්නා කර්ටිස් කැම්පර්ය. 

ශ්‍රී ලංකා පිලේ හිටපු වේගපන්දු යවන්නකුවූ ලසිත් මාලිංග සහ ඇෆ්ගනිස්ථාන පාදඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් මින් පෙර මෙම දස්කම කර තිබුණි.

2019 වසරේදී අයර්ලන්තයට එරෙහිව පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගත් රෂීඩ් ඛාන් විස්සයි20 තරග ඉතිහාසයේ එම දස්කම කළ පළමු පන්දු යවන්නා බවට පත්විය. කෙවින් ඕ‘බි්‍රයන්, ජෝර්ජ් ඩොක්රෙල්, ශේන් ගෙට්කේට් සහ සිමි සිං දැවී ගිය පිතිකරුවෝ වූහ.

ඉන් පසුව එම වසරේදීම නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේදී පැවැති විස්සයි20 තරඟයකදී කොලින් මුන්රෝ, හමිෂ් රදර්ෆඩ්, කොලින් ඩි’ග්‍රැන්ඩෝම් සහ රොස් ටේලර් දවාගනිමින් එම දස්කම කිරීමට ලසිත් මාලිංගද සමත්විය. 

බ්‍රෙට් ලීට පසුව (2007 දී බංග්ලාදේශයට එරෙහිව) විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් දෙවන ක්‍රීඩකයා බවට කැම්පර් පත්විය. මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන ඔහු විස්සයි20 ජාත්‍යන්තර තරග වලදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු අයර්ලන්ත ජාතිකයාද වන්නේය.

- 2079


අදහස් (0)

කර්ටිස් කැම්පර් ඉතිහාස පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.