Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ අන්තර් පාසල් (20 න් පහළ) ලීග් රග්බි තරගාවලිය, පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සහ මේ වසරේ පැවැත්වෙන සියලූම කනිෂ්ඨ විදෙස් රග්බි තරගාවලි සඳහා රුපියල් මිලියන 80 ක මුදලක් පිරිනමමින් පූර්ණ අනුග‍්‍රාහකත්වය සැපයීමට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත්වී ඇතැයි ඉතාමත්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩයලොග් සමාගම විසින් පාසල් රග්බි පිටියට පූර්ණ අනුග‍්‍රාහකත්වය සැපයීමට ඉදිරිපත්වී ඇත්තේ ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය සහ ශී‍්‍ර ලංකා රගර් ආයතනය ඒකාබද්ධව පසුගිය දිනවල කරනු ලැබූ සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙසිනි.
කෙසේ වෙතත් වසර 15 ක් පුරා පාසල් රග්බි කී‍්‍රඩාවට අනුග‍්‍රහය දැක්වූ සිංගර් සමාගම තවදුරටත් පාසල් රග්බි තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන හෙයින් ඩයලොග් සමාගමේ අනුග‍්‍රාහකත්වය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත. මේ සම්බන්ධ ලියකියවිලි මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට යවා ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමෙන් පසුව නව ගිවිසුමට අත්සන් කිරීමට නියමිත බැව් වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඩයලොග් සමාගම සමග මෙම ගිවිසුම අත්සන් කිරීමට පාසල් රග්බි සංගමයට අවස්ථාව ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිංගර් සමාගමෙන් විරෝධයක් නැත්නම් පමණක් බවද වාර්තා වේ. වෙනත් සමාගමක් පාසල් රග්බි සංගමය සමග ඇතිකරගනු ලබන නව ගිවිසුම ප‍්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව වසර 15 ක් පුරා පාසල් රග්බි කී‍්‍රඩාවට අනුග‍්‍රහය දැක්වූ සිංගර් සමාගම සතුවන බවද පාසල් රග්බි සංගමයේම නිලධාරියෙක් පැවසීය.
මේ අතර සිංගර් සමාගමේ ස්ථාවරය වන්නේ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියටද එවැනිම කාලයක් පූර්ණ අනුග‍්‍රාහකත්වයක් ලබාදුන් නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) සිය අනුග‍්‍රහය අතහැරීමට කැමති වන්නේ නම් පමණක් තමන් ඒ සඳහා ඉදිරිපත් වන බවයි.
වාර්තාවන පරිදි නව අනුග‍්‍රාහකත්වයෙන් ලැබෙන මුදලින් රුපියල් මිලියන 50 ක මුදලක් පාසල් ලීග් රග්බි සහ පාසල් පිළිමලූන් පිටුදැකීමේ රග්බි තරගාවලියට වැය කිරීමටත්, රුපියල් මිලියන 30 ක මුදලක් ශී‍්‍ර ලංකා කනිෂ්ඨ රග්බි කණ්ඩායම් සහභාගි වන විදෙස් තරග සංචාර සඳහා වැය කිරීමටත් පාසල් රග්බි සංගමය සහ ශී‍්‍ර ලංකා රග්බි ආයතනය එකඟතාවකට පැමිණ තිබේ.
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය පෙබරවාරි මස 21 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය ඉන් පසුව ආරම්භ කෙරේ.
-066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.