Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාවට

කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාවට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කළ ජාත්‍යන්තර කණිෂ්ට ගොල්ෆ් ශූරතාවලියේදී අවසන් තරගයෙන් පාකිස්තානය පරාජය කරමින් සමස්ත කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (2) සමත් විය.

එච්.එස්.බී.සී. බැංකුවේ පූර්ණ අනුග්‍රහයෙන් කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී මෙවර තරගාවලිය පැවැත්විණි.

පෙරේදා (1) දිනයේ පැවැති කේවල තරගයන්හිදී රන් කාණ්ඩයෙන් බාලක හා බාලිකා ශූරතා දිනා ගැනීමට පිළිවෙලින් පාකිස්තානයේ මොහොමඞ් සකීබ් හා ශ්‍රී ලංකාවේ ටානියා බාලසූරිය සමත්වූහ. මෙවර තරගාවලියේදී ඉන්දියාව එතරම් දක්ෂතා අතරට නොපැමිණීම නිසා තරගාවලිය අවසානය තෙක්ම ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තියුණු සටනක් දැක ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකා නායක විනෝද් වීරසිංහ (75), ආමන්ඞ් ෆ්ලෙමර් කල්දේරා (74), කෙයිලා පෙරේරා (76) සහ ටානියා මිනෙල් බාලසූරිය (70) යන අයගේ දක්ෂතා හේතුවෙන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පාකිස්තානය සහ ඉන්දියාව අතර ලකුණු පරතරය 10ක වෙනසක් පැවතීම නිසා ශ්‍රී ලංකාව සමගින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානයට හැකියාව ලැබිණ. අවසන් තරගයේදී  ශ්‍රී ලංකාවේ  ටානියා බාලසූරිය සහ කෙයිලා පෙරේරා පාකිස්තාන ක්‍රීඩිකාවන් දෙපළ පරාජයට පත් කිරීමට සමත් වුවද, පාකිස්තාන ක්‍රීඩකයන් දෙපළගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළට කිසිඳු අවස්ථාවක් හිමි නොවීය. ජුනයිඞ් ඉර්ෆාන් හා මොහොමඞ් සකීඞ් හමුවේ පිළිවෙලින් ආමන්ඞ් ෆ්ලෙමර් කල්දේරා සහ විනෝද් වීරසිංහට පරාජය වැළඳ ගැනීමට සිදුවූහ. කණ්ඩායම් දෙකෙහිම දෙදෙනා බැගින් ජයග්‍රහණය තහවුරු කිරීම නිසා සංවිධායකයින්ට ජයග්‍රාහකයා තෝරා ගැනීමට නැවත වටයක් පැවැත්වීමට සිදුවිය.
    
ක්‍රීඩාකරනුයේ ක්‍රීඩකයන් දෙපළද නැතිනම් ක්‍රීඩිකාවන් දෙපළද යන්න තීරණය කිරීම සඳහා කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව දෙරටේ ක්‍රීඩිකාවන් දෙපළට තරගයේ ජයග්‍රහණය සොයායෑමේ අභියෝගාත්මක වටයට මුහුණ දීමට සිදු විය. එහිදී විශිෂ්ට අයුරින් අඩුම පහරවල් සංඛ්‍යාවකින් පන්දුව ගෝල සීමාව වෙත ගෙනයාමට ශ්‍රී ලංකාවේ ටානියා බාලසූරිය සමත් වීම නිසා මෙවර කණ්ඩායම් ශූරතාව ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුලුව ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව සහ තායිලන්තය යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 110 ක් පමණ සහභාගි වූහ. එසේම කිලිනොච්චිය සහ අනුරාධපුරය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වූයේ පළමු වතාවට වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම, එච්.එස්.බී.සී. බැංකුවේ ප්‍රධානි ආසිරි ඉද්දමල්ගොඩ, ඕ.එල්.යූ ආයතනයේ ශලීන්දී්‍ර මල්වාන, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයන් වන දිලීප මුද්දෙනිය සහ ශ්‍රීනාත් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහතික හා කුසලාන පිරිනැමීම සඳහා එක්ව සිටියහ.


කණ්ඩායම් අවසන් තරගයේ ලකුණු සටහන
■ටානියා බාලසූරිය විසින් 5-4 කින් පර්ඛා ඉජාස් පරාජය කරන ලදී.
■කෙයිලා පෙරේරා විසින් 2-1 කින් රිම්ෂා ඉජාස් පරාජය කරන ලදී.
■ජුනයිඞ් ඉර්ෆාන් විසින් 3-1 කින් ආමන්ඞ් ෆ්ලෙමර් කල්දේරා පරාජය කරන ලදී.
■ මොහොමඞ් සකීබ් විසින් විනොද් වීරසිංහ පරාජය කරන ලදී.


කණ්ඩායම් ලකුණු සටහන
ශ්‍රී ලංකා කණ්ඩායම - 295 ( විනොද් වීරසිංහ 75, ආමන්ඞ් ෆ්ලෙමර් කල්දේරා 74, ටානියා බාලසූරිය 70, කෙයිලා පෙරේරා 76 )
පකිස්තාන කණ්ඩායම - 305 (ජුනයිඞ් ඉර්ෆාන් 77, මොහොමඞ් සකීබ් 74, පර්ඛා ඉජාස් 80, රිම්ෂා ඉජාස් 74 )
ඉන්දීය කණ්ඩායම - 315 (අර්යාමන් මහන්ට් 82, ධාරීයා ජයන් 79, අර්ෂියා මහන්ට් 78, කේ. හෝඩා 76 )


කේවල තරග ප්‍රතිඵල

රන් කාණ්ඩය බාලක (වයස 15-18 වැඩි)
■    ශූරතාව - මොහොමඞ් සකීබ් (පකිස්තානය) - ලකුණු 68
■    අනුශූරතාව - විනෝද් වීරසිංහ (ශ්‍රී ලංකාව) - ලකුණු 70
■    තෙවැනි ස්ථානය - ආමන්ඞ් ෆ්ලේමර් කල්දේරා - ලකුණු


රන් කාණ්ඩය බාලිකා (වයස 15-18 වැඩි)
■    ශූරතාව - ටානියා බාලසූරිය (ශ්‍රී ලංකාව) - ලකුණු 69
■    අනුශූරතාව - අර්ෂියා මහන්ට් (ඉන්දියාව) - ලකුණු 77
■    තෙවැනි ස්ථානය - කෙයිලා පෙරේරා (ශ්‍රී ලංකාව) - ලකුණු 79


රිදී කාණ්ඩය බාලක (වයස 12-14 වැඩි)
■    ශූරතාව - නිරේක් ටෙජ්වානි - ලකුණු 74
■    අනුශූරතාව - හරූන් අස්ලාම් - ලකුණු 75
■    තෙවැනි ස්ථානය - යනික් කුමාර - ලකුණු 76


රිදී කාණ්ඩය බාලිකා (වයස 12-14 වැඩි)
■    ශූරතාව - කුෂී හෝදා (ඉන්දියාව) - ලකුණු 80
■    අනුශූරතාව - ශෙරීන් බාලසූරීය (ශ්‍රී ලංකාව) - ලකුණු 87
■    තෙවැනි ස්ථානය - අරිකා වික්‍රමසිංහ (ශ්‍රී ලංකාව) - ලකුණු 92


ලෝකඩ කාණ්ඩය බාලක සහ බාලිකා (වයස 10-11 වැඩි)
■    ශූරතාව -  ශනාල් බිනුක්ෂ - ලකුණු 63
■    අනුශූරතාව - හරිත් අනික් බින් නිසාම් - ලකුණු 66
■    තෙවැනි ස්ථානය - රෙෂාන් අල්ගම - ලකුණු 66


තඹ කාණ්ඩය බාලක සහ බාලිකා (වයස 9 සහ 9 වැඩි)
■    ශූරතාව - කයා දලුවත්ත - ලකුණු 42
■    අනුශූරතාව -  රවීන්ද්‍ර සමරසේකර - ලකුණු 43
■    තෙවැනි ස්ථානය - ක්වාන් ටෙවානි - ලකුණු 43

ඡායාරූප - ෂමීර රාජපක්ෂ

 


අදහස් (0)

කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.