Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කඩදාසියෙන් ගුවන් යානා නිර්මාණය කර අහසට වීසි කිරීම කුඩා කාලයේ කවුරුත් කළ සෙල්ලමක් වූවත් එහි ලෝක ශූරතාවලියක්ද තිබේ. එම ලෝක ශූරතාවලිය පසුගියදා ඕස්ටි්‍රයාවේ සාල්ස්බර්ග් නුවරදී පැවැත්විණි. හයවැනි වතාවට පැවැති මෙම තරගාවලියට රටවල් 60 ක් නියෝජනය කරමින් තරගකරුවෝ 61,000 කට අධික පිරිසක් සහභාගීවූහ.
කඩදාසි ගුවන්යානයක් ගමන් ගන්නා වැඩිම දුර, එහි වැඩිම ගුවන් කාලය සහ ගුවන් කරණම් යන ඉසව් තුන යටතේ තරග පැවැත්විණි. වැඩිම දුර සහ වැඩිම ගුවන් කාලය සඳහා සංවිධායකවරුන් ලබාදුන් කඩදාසියක් පමණක් භාවිතාකරමින් තම ගුවන්යානය නිර්මාණය කළයුතු විය. කඩදාසිය නැවීමට පමණක් අවසර තිබූ අතර කැපීම, ඉරීම, ඇලවීම හෝ කටු ඇමිණීම සඳහා අවසර නොතිබිණි.
මීටර 57.13 ක දුරක් වාර්තා කරමින් සර්බියාවේ ලසාර් කර්ස්ටික් වැඩිම දුරක් පියාසර කළ ඉසව්ව ජයග්‍රහණය කළේය. එහි දෙවැනි උත්සාහයේදී ඔහු වාර්තා කළ දුර මීටර් 61.11 කි.
තත්ත්පර 14.86 ක කාලයක් තිස්සේ තම කඩදාසිය ගුවනේ පා කළ පාකිස්තානයේ මහමුද් උස්මාන් සයීඩ් වැඩිම ගූවන් කාලය සඳහා වූ තරගය ජයග්‍රහණය කළේය. එම කඩදාසි ගුවන් යානා, ආරුක්කු හැඩයේ වීදුරු සීලිමට යොමුකළ යුතු විය. මෙම කාලය, රෙඩ් බුල් (කඩදාසි පියාපත්) ලෝක ශූරතා අවසන් තරගයේ වාර්තාවක් වීමද විශේෂත්වයකි.
ගුවන් කරණම් අංශයේදී තත්පර 60 ක කාලයක් තම හැකියාවන්ගෙන් විනිශ්චය මණ්ඩලය විස්මයට පත්කිරීමට තරගකරුවන්ට අවස්ථාව ලැබිණි. මෙහිදී විවිධ වර්ග වල කඩදාසි ගුවන් යානා භාවිතා කිරීමට තරගකරුවන්ට අවසර ලැබිණි. එම ඉසව්ව ජයගැනීමට දකුණු කොරියාවේ සෙනුගූන් ලී සමත්විය.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා අදියරේදී, එහි උතුරු, මධ්‍යම හා බස්නාහිර පළාත් තරග ජයගත් මනිත අබේසිරිවර්ධන සහ සෙනේෂ් වීරසිරි දෙදෙනා කඩදාසි පියාපත් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.
ඊළඟ වසරේදී මීටත් වඩා කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීම අපේ බලාපොරොත්තුවයි.” යයි මෙම මෙවර කඩදාසි පියාපත් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මනිත අබේසිරිවර්ධන සහ සෙනේෂ් වීරසිරි දෙදෙනා පැවසූහ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.