Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය තමන් කෙරේ කණගාටු වීමෙන් තවදුරටත් පලක් නැත. ඇඩිලේඞ් ටෙස්ට් තරගයත් පරාජය වී අවසානය. අළු බඳුන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානුවෝ තරග 2-0 ක් ලෙසින් මේ වන විටත් පෙරමුණ ගෙන සිටින්නේ දෙවැනි ටෙස්ට් තරගයේදීත් ලකුණු 275 ක ජයක් ලබාගත් බැවිනි.
අළු බඳුන තමන් සතුකරගැනීමට ඕස්ටේ‍්‍රලියානුවන්ට අවශ්‍ය වන්නේ තවත් එක දිනුමක් පමණි.
බි‍්‍රස්බේන්හි පැවැති පළමු තරගයේදී දින 4 ක් ඇතුළත පරාජය වූ එංගලන්ත කණ්ඩායම ඇඩිලේඞ් හිදී පැවැති දිවා/රාතී‍්‍ර තරගයේදීත් ලකුණු 275 කින් පරාජය විය. ඇඩිලේඞ්හිදී ලකුණු 468 ක දුර ඈත ඉලක්කයක් කරා ගිය එංගලන්ත පිලට ලබාගත හැකිවූයේ ලකුණු 192 ක් පමණි.
මුල් ඉනිමේදීම වැඩ වරද්දාගත් එංගලන්තය, තරගයේ සිව්වැනි දිනය නිමා වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 82 ක් ලබා, පරාජය පෙනෙන මානයේ සිටියේය. අවසන් දිනය වූ අද එංගලන්තය ලකුණු 192 කට දැවී ගියේ කි‍්‍රස් වෝක්ස් (44) දෙවනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා කරමිනි. එංගලන්ත ඉනිම විනාශ කළ වේග පන්දු යවන්නා, ජායි රිචඞ්සන් ලකුණු 42 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
තරග දෙකේදීම එංගලන්ත පිලට ඇති එකම සහනය වන්නේ ඇඩිලේඞ් තරගයේදී ජොස් බට්ලර්ගේ සටන්කාමී ඉනිම පමණි. එංගලන්ත දෙවැනි ඉනිමේදී පන්දු 207 කට මුහුණ දුන් ජොස් බට්ලර් ලබාගත්තේ ලකුණු 26 කි. එහෙත් බට්ලර්ගේ සටන්කාමී ඉනිම හේතුවෙන් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ජයග‍්‍රහණය පමා විය.
”දැන් මෙතන වැට උඩ තියෙන්නේ ‘අළු බඳුන’. ඒකත් අපව දිරිමත් කරන්නට කාරණාවක් නොවේ නම්, මා දන්නෑ වෙන මොන දෙයින් අපව දිරිමත් කරන්න පුළුවන්ද කියලා” යයි ඇඩිලේඞ් පරාජයෙන් පසුව එංගලන්ත නායකයා පැවසීය.
ඕස්ටේ‍්‍රලියාව - පලමු ඉනිම කඩුලූ 9 ක් දැවී 473 යි
එංගලන්තය - පළමු ඉනිම 236 යි
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 9 ක් දැවී 230 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 192 යි
(රෝරි බර්න්ස් 34, ඩේවිඩ් මැලන් 20, ජෝ රූට් 24, බෙන් ස්ටෝක්ස් 12, ජොස් බට්ලර් 26, කි‍්‍රස් වෝක්ස් 44, මිචෙල් ස්ටාක් 43/2, ජායි රිචඞ්සන් 42/5, නේතන් ලයන් 55/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.