Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේලියානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට පිවිසීම කෙරෙහි තබා තිබූ බලාපොරෝත්තු තවදුරටත් ඉහළ නංවා ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ඕවර 16.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදි වේගවත් පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් වෝනර් පන්දු 56 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 89 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 33 ක් වන වට නායක ඒරන් ෆින්ච් ලකුණු 9 කට දැවී ගියද, මිචෙල් මාෂ් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 124 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ වෝනර් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. පන්දු 32 කට මුහුණදුන් මාෂ් හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.
කාසියේ වාසිය දිනූ ඕට්‍රේලියානු නායක ඒරන් ෆින්ච්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය. හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක කිරන් පොලාඩ් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස්කරමින් කොදෙව් ඉනිම සවිමත් කළේය.
අවසන් ඕවර කිහිපයේදී පන්දු 7 කට මුහුණදුන් ඔන්ඩ්‍රි රසල් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 18 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. එහිදී ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 25 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක්ද, ශිමරන් හැට්මෙයර් පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද බැගින් රැස්කළහ.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සිය අවසන් විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් පන්දු 9 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 15 ක් රැස්කළ අතර ඩ්‍වේන් බ්‍රාවෝට පන්දු 12 කදී හයේ පහරක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. කෙසේ වුවත් පන්දු යැවීමේදී ගේල් ලකුණු 7 කට එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොෂ් හෙසල්වුඩ් ලකුණු 39 කට කඩුලු 4 ක් බිඳහෙළමින් කෙදෙව් කණ්ඩායමේ මැද පෙළ සුනුවිසුණු කර දැමුවේය. ඇඩම් සම්පා, මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් කඩුල්ල බැගින් දවාගනිමින් කොදෙව් ක්‍රීඩකයන් මෙල්ල කිරීම සඳහා හෙසල්වුඩ්ට අනගි සහායක් දුන්හ.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 157
(ක්‍රිස් ගේල් 15, එවින් ලුවිස් 29, ශිම්රන් හැට්මෙර් 27, කිරන් පොලාඩ් 44, ඔන්ඩ්‍රි රසල් නොදැවී 18, ජොස් හෙසල්වුඩ් 39/4)
ඕස්ට්‍රේලියාව - ඕවර 16.2 කදී කඩුලු 2 කට 161
(ඩේවිඩ් වෝනර් නොදැවී 89, මිචෙල් මාෂ් 53)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.