Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු කඩුලු රැකීම කේරිට බාරවෙයි
අළු බඳුන - 2021

ඕස්ට්‍රේලියානු කඩුලු රැකීම කේරිට බාරවෙයි

editorial - 2021 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

02 වැනිදා (බ්‍රිස්බේන්) - ඒ.එෆ්.පී.

අළු බඳුන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කඩුල්ල පිටුපස ආරක්‍ෂා කිරීමේ රාජකාරිය අලෙස්ක් කේරිට බාරදී තිබේ. එහෙත් ඒ පළමු ටෙස්ට් තරග දෙක සඳහා පමණි. එම තරග දෙකේදී අත්කරනු ලබන සාර්ථකත්වය මත ඉතිරි තරග සඳහා කඩුල්ල පිටුපස රාජකාරි බාර දෙන්නේ කාටද යන්න තීරණය වනු ඇත.  

කෙසේ වෙතත් 2019 ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් කඩුලු රැකීමේ යෙදුණු ඇලෙක්ස් කේරි පවසන්නේ අළු බඳුන තරගාවලියේදී කඩුලු රැකීමට ලැබුණු අවස්ථාව තමන් “කොල්ලා කාලයේදී දැකපු හීනයක්” බවයි. ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් කේරිට මෙම අවස්ථාව ලැබිණ. 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරග ගණනාවකට සහභාගි වී සිටින නමුත් 30 හැවිරිදි ඇලෙක්ස් කේරි තවමත් ටෙස්ට් වරම් ලබා නැත.  කිසියම් ආකාරයකින් අවසන් මොහොතේදී වෙනස්කමක් ඇති නොවුණහොත්, ලබන සතියේ බ්‍රිස්බේන් නුවරදී ඇලෙක්ස් කේරි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ‘බැගී ග්‍රීන්’ හිස්වැස්ම පළඳිනු ඇත. 

අළු බඳුන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් කඩුලු රැකීමේ අවස්ථාව කේරි සහ ජොෂ් ඉංග්ලිෂ් දෙදෙනා අතර දෝලනය වෙමින් තිබිණ. එහෙත් ඕස්ට්‍රේලියානු සංචිතයේ පුහුණු තරගයක් වර්ෂාවට සේදී යාමත් සමගින් ජොෂ් ඉංග්ලිෂ්ට අවස්ථාව අහිමි විය. 

ඇලෙක්ස් කේරී දිගු කලක සිටම ටිම් පේන්ගෙන් පසුව එම ස්ථානයට එන ක්‍රීඩකයා ලෙසින් අවධානයට ලක්ව සිටියේය. එහෙත් ජොෂ් ඉංග්ලිෂ් අවධානයට යොමු වූයේ දේශීය තරග වලදී ඔහුගේ දස්කම් හේතුවෙනි. 

“මේ අවස්ථාව දක්වා මා ආ ගමන ඉතාමත් සාර්ථක එකක්. මේ අවස්ථාව ලැබීම හිතාගන්නත් බෑ වගේ” 

“අපේ මබ්විමේදීම පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ, (බොහෝ විට) නැවත වරක් පිරී ඉතිරී ගිය ප්‍රේක්‍ෂකාගාර දකින්න පුළුවන්. මේක මම කොල්ලා කාලයේදී දැකපු හීනයක්. මට පුළුවන් තරම් හොඳින් මේ තරගය සඳහා සූදානම් වෙනවා” යයි ඇලෙක්ස් කේරී කියයි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 12 දෙනා ගැන මේ වන විටත් තීරණයකට එළැඹ ඇතත් අංක 5 පිතිකරුවා වන්නේ උස්මන් කවාජාද නැතහොත් ට්‍රැවිස් හෙඞ්ද යන්න තේරීම් කමිටු නිලධාරීහු සිතමින් සිටිති. මිචෙල් ස්ටාක් වෙනුවට ජායි රිචඞ්සන් පළමු තරගයට යොදාගැනීම සම්බන්ධයෙන්ද තේරීම් කමිටු නිලධාරීහු සාකච්ඡා කරමින් සිටිති. 

ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය
පැට් කමින්ස් (නායක), ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, ඬේවිඞ් වෝනර්, නේතන් ලයන්, ජොස් හේසල්වුඞ්, ට්‍රැවිස් හෙඞ්, උස්මන් කවාජා, මානස් ලැබුෂේන්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, මාකස් හැරිස්, මයිකල් නේසර්, ජායි රිචඞ්සන් සහ මිචෙල් ස්වැප්සන්

- 213

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු කඩුලු රැකීම කේරිට බාරවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.