Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු පළමු ඉනිම 180 කට සීමා වෙයි

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම 180 කට සීමා වෙයි

editorial - 2025 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර බාබඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව්වෝ කඩුලු 5 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටියහ. 

ඒ අනුව කොදෙව් පිල තවත් කඩුලු 5 ක් අතැතිව ඕස්ටේ්‍රලියාවට වඩා ලකුණු 45 ක් පසුපසින් සිටි අතර ඒ වන විට රොස්ටන් චේස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 44 ක්ද, ශායි හෝප් හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 31 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

මුලු ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරිමට මිචෙල් ස්ටාක් සමත් වූ අතර ලකුණු තත්වය 75 ක් දක්වා ඉහළ යද්දී කොදෙව් කණ්ඩායමට තවත් කඩුලු 3 ක් අහිමි කිරීමට ජොස් හෙසල්වුඩ් සහ නායක පැට් කමින්ස් සමත් වූහ. එහිදී හෙසල්වුඩ් කඩුලු 2 ක්ද, කමින්ස් එක් කඩුල්ලක්ද දවාගත්හ. 

පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 57 ක් ලබා සිටි කොදෙව්වෝ, අද දිනයේ දිවා ආහාරය දක්වා කාලය තුළ සිය කණ්ඩායමට තවත් ලකුණු 78 ක් එක්කර ගත්හ. එහිදී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ රොස්ටන් චේස් සහ ශායි හෝප් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 180 කට සීමා කිරීමට ජේඩ්න් සීල්ස් සහ ශාමර් ජෝසප් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී සීල්ස් ලකුණු 60 කට කඩුලු 5 ක් බිඳහෙළුෑ අතර ජෝසප් ලකුණු 46 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ට්‍රැවීස් හෙඩ් හතරේ පහර 9 ක් සමග ලකුණු 59 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු උස්මාන් කවාජා හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේය. නායක පැට් කමින්ස් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 180
(උස්මාන් කවාජා 47, ට්‍රැවීස් හෙඩ් 59, පැට් කමින්ස් 28, ජේඩ්න් සීල්ස් 60/5, ශාමර් ජෝසප් 46/4) 

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 135  
(කීසි කාටි 20, බ්‍රෙන්ඩන් කිං 26, රොස්ටන් චේස් නොදැවී 44, ශායි හෝප් නොදැවී 31, ජොස් හෙසල්වුඩ් 23/2, මිචෙල් ස්ටාක් 58/2) 

-036 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම 180 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.