Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ඕෂධ ප්‍රනාන්දුගේ (138) ශතකයත්, පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය ලකුණු 155 කින් ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 42.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163 ක් පමණි.
නායක අෂාන් ප්‍රියන්ජන් පන්දු 79 කදි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් ලබාගැනීමට සමත්වූ අතර සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට මහනුවර පිලේ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණ. අනුක් ප්‍රනාන්දු ලකුණු 26 ක් සහ ගයාන් මනීෂාන් ලකුණු 21 ක් ලබාගත්තේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ පුලින තරංග කඩුලු 3 ක් ද, අසිත ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් කඩුලු 2 බැගින්ද දවාගනිමින් මහනුවර පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදිම සඳහා මහනුවර පිලට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 318 ක් රැස්කිරිමට ඔව්හු සමත්වූහ.
දක්ෂ පිතිහරඹයක නිරත වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 141 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 138 ක් ලබාගත්තේය.
කමිඳු මෙන්ඩිස් පන්දු 53 කදි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් ද, ලසිත් කෲස්පුල්ලේ පන්දු 17 කදි හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් සහ සහන් ආරච්චිගේ පන්දු 34 කදි හතරේ පහර 2 ක් සමගින් ලකුණු 28 ක් රැස්කරමින් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.
පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූ ළහිරු සමරකෝන් ලකුණු 87 කට කඩුලු 4 ක් සහ දුවිඳු තිලකරත්න ලකුණු 40 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් වූහ.
මහනුවර කණ්ඩායම - ඕවර 50 කදි කඩුලු 9 ක් දැවී 318
(ලසිත් කෘස්පුල්ලේ 32, ඕෂද ප්‍රනාන්දු 138, කමිඳු මෙන්ඩිස් 43, සහන් ආරච්චිගේ 28, ළහිරු සමරකෝන් 87/4, දුවිඳු තිලකරත්න 40/2)
දඹුල්ල කණ්ඩායම - ඕවර 42.1 කදී සියලුදෙනා දැවී 163
(ගයාන් මනීෂාන් 21, අෂාන් ප්‍රියංජන් 50, අනුක් ප්‍රනාන්දු 26, පුලින තරංග 39/3, අසිත ප්‍රනාන්දු 16/2, කමිඳු මෙන්ඩිස් 35/2)
ඕෂද ප්‍රනාන්දු (වමේ) සහ කමිඳු මෙන්ඩිස්...
කමිඳු මෙන්ඩිස්...
ළහිරු සමරකෝන්...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.