Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් කමිටු නිලවරණය කල්යයි

ඔලිම්පික් කමිටු නිලවරණය කල්යයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා නීතිය සංශෝධන කිරීමෙන් අනතුරුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හිමි සියලූම කී‍්‍රඩාවන්හි ශී‍්‍ර ලංකා සම්මේලන වල ව්‍යවස්ථා අදාළ අන්තර්ජාතික සම්මේලන වලින් අනුමත වන තුරු ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කල්දමන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඊයේ උපදෙස් දුන්නේය.

ස්විට්සර්ලන්තයේ ලූසේන් නුවර පිහිටි අන්තර්ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේදී අද (27 වැනිදා) පැවැති විශේෂ රැස්වීමේදී මෙම නියෝගය නිකුත් කරන ලද අතර ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමේ දිනය පිළිබඳව නියමයක් නැත.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මූලික නියෝගය වී ඇත්තේ පළමුව ජාතික කී‍්‍රඩා සංගම් වලට හානිකර රෙගුලාසි ඉවත් කර කී‍්‍රඩා පනත සංශෝධනය කරන ලෙසත් අනතුරුව සෑම ජාතික කී‍්‍රඩා සම්මේලනයක් සඳහාම නව ව්‍යවස්ථා කෙටුම්පත්කර ඒවා අදාළ කී‍්‍රඩාවේ අන්තර්ජාතික සම්මේලනයෙන් අනුමත කරවාගත යුතු බවත්ය.

එම ජාතික කී‍්‍රඩා සම්මේලන වල නව ව්‍යවස්ථා අදාළ කී‍්‍රඩාවන්හි අන්තර්ජාතික සම්මේලන වලින් අනුමත වූවාට පසුව ඒ ඒ ජාතික සම්මේලන වන නිලවරණ අලූතෙන් පැවැත්විය යුතු බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමේ දින වකවානු ඉන් පසුව තීරණය කිරීමට හැකි බවත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශය වී තිබේ.

”මා අද වඩාත් සතුටු වන දවසක්. ඔලිම්පික් නිලවරණය කල් දැමීමට ඔවුන් ගත් තීරණය, නිසා කී‍්‍රඩා පනත සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට මා පෙන්වා දුන් කරුණු සියල්ලම නිවැරදි යයි ඒ ගොල්ලන් පිළිගත්ත බව පැහැදිළි වුණා” යයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

”නමුත් මා කණගාටුවන කරුණ තමයි මෙම සිද්ධියේදී මා වෙනුවෙන් කතාකරන්න මේ රටේ කිසිදු ජාතික කී‍්‍රඩා සංගමයක් ඉදිරිපත් නොවුණ එක. ඒ නිසා මා එකක් කියනවා. මේ ඔලිම්පික් කමිටුවේ දිගින් දිගටම ඉන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ” යයිද ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම තත්ත්වය අනුව දෙසැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා සියල්ලම අවලංගු වනු ඇත. එහි තනතුරු 12 ක් සඳහා නාමයෝජනා 22 ක් ලැබී තිබිණ.

ලූසේන් නුවරදී පැවැති මෙම රැස්වීම සඳහා කී‍්‍රඩා අමාත්‍යංශය වෙනුවෙන් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ, අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම, අමාත්‍යාංශයේ නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, ජාතික කී‍්‍රඩා සභාවේ සභාපති වෛද්‍ය මයියා ගු-ණසේකර සහ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු වන ඩයන් ගෝමස් යන මහත්වරු සහභාගි වූහ.
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, විධායක සභික රොහාන් ප‍්‍රනාන්දු, ජාතික ඔලිම්පික් කමිටුවේ නීති උපදේශක ඩිල්ෂාන් ජයසූරිය සහ ජාතික හබල් ඔරු සංගමයේ සභාපති පී‍්‍රතිවිරාජ් පෙරේරා යන මහත්වරු ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව වෙනුවෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හමුවේ පෙනී  සිටියහ.


අදහස් (1)

ඔලිම්පික් කමිටු නිලවරණය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.