Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරගාවලිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා ලබන මාසයේදී වෙනමම පරිපාලන ඒකකයක් පත්කරන බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම පරිපාලන ඒකකය සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගන්නා බවද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
“මුදල් මත පදනම්ව, ආයෝජකයන් සමගින් පැවැත්වෙන ක්‍රීඩා තරගාවලි නියාමනය කිරීම සඳහා අපි කමිටුවක් පත්කරනවා. ඒ කමිටුව විසින් ඒ හැම ක්‍රීඩාවකම පැවැත්ම පිළිබඳව නියාමනය කරන්න අවශ්‍ය නිතී පාඨමාලාවත් එක්ක කමිටුවක් පත්කරනවා”
“මේ අලුත් සංකල්පයක්. මෙවැනි සංකල්පයක් මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුනේ නෑ.
එල්.පී.එල් තරගාවලිය වගේම ඉදිරි කාලයේදී වොලිබෝල් තරගාවලියක් කරනවා. ඒ අතර කබඩි, රගර් සත්සාමාජික සහ වෙරළ වොලිබෝල් තරගාවලි වලටත් අපි ඒ විදියේ වැඩ පිළිවෙල ගේනවා.... හැබැයි වෙරළ වොලිබෝල් එක්ක දැල්පන්දුත් සම්බන්ධ කරනවා” යැයිද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
එල්.පී.එල්. තරගාවලිය අවසන් වී මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ගියද තරගාවලියේ සංවිධායක සමාගම වූ ඉනොවේටිව් ප්‍රඩක්ෂන් ගෲප් (අයි.පී.ජී.) සමාගම විසින් ඇමරිකානු ඩොලර් 775,000 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවමත් ගෙවා නැතැයි පසුගිය සති අන්ත පුවත් පත්වල පළවිය. එය ශ්‍රී ලංකාවේ මුදලින් රු 15,11,25,000 ක් හෙවත් රුපියල් කෝටි 15 ක් ඉක්මවන්නකි.
“එල්.පී.එල් තරගාවලියේ සංවිධායක සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවනු ලැබියයුතු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා”
“අවුරුදු 8 ක් අපිට එල්.පී.එල් තරගාවලිය පවත්වන්න බැරි වුනා. ලංකාවේ ක්‍රීඩාව නතර වෙලා තිබ්බ වෙලාවක තමයි අපි එල්.පී.එල් තරගාවලිය පැවැත්වූයේ. ඒ වෙනකොට ලෝකෙම ක්‍රීඩාව ආරම්භ කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින් හිටපු වෙලාවක්. ඒ වෙලාවේ තමා අපි එල්.පී.එල් තරගාවලිය පැවැත්වුවේ.” යයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉකුත් 9 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ අයවිය යුතු මුදල ඩොලර් 725,000 ක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අයි.ජී.පී. සමාගම ඉදිරියේදී පැවැත්වෙන අන්තර්ජාතික තරගවල රූපවාහිනී විකාශයන්හි නිෂ්පාදන වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් මෙම ඩොලර් 725,000 මුදල පියවා දමන බවත්ය. එය වසර 2021 එල්.පී.එල්. තරගාවලියට පොරතුව ගෙවා දැමීමට එකඟවී තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් විය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාගමක් සමග ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ සමාගමේ පාඩුව මට අදාල නෑ. මට වගකීම තියෙන්නේ අපේ ක්‍රිකට් ආයතනය ලැබූ ලාභය පමණයි. හැබැයි හිඟ මුදල් ගෙවීම සඳහා ක්‍රිකට් ආයතනය ඔවුන්ට ගෙවීම් සැලැස්මක් හදලා දීලා තියෙනවා.... ඒ සැලැස්මට අනුව ගෙවීම් ටික වෙනවා...”
“යම් කිසි හෙයකින් ඒ සමාගම ගෙවීම් සැලැස්ම අනුගමනය කළේ නැත්තම් ඒ පිළිබඳව නීතිමය පියවරක් ගන්න පුලුවන්.” යයි කී ඇමතිවරයා “පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වෙලා තරගාවලිය පවත්වන්න මුදල් ආයෝජනය කළා. හැබැයි අපෙත් වගකීමක් තියෙනවා මේ සමාගම විනාශ වෙන්නේ නැතිව පවත්වාගෙන යන්න. ඒ සමාගමටත් හානියක් නොවන විදියට මේ අවුරුද්දෙත් තරගාවලිය පැවැත්වෙන්න ඕනා” යයිද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.