Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ නවසිලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (6 වැනිදා) අවසන් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට තරගයේ පස්වැනි සහ අවසන් දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 170 ක් පමණි.
දිනය අවසන් වනවිට ඩොමිනික් සිබ්ලි නොදැවී ලකුණු 60 ක් සහ ඹලී පොප් නොදැවී ලකුණු 20 ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටියහ.
තරගයේ සම්පූර්ණ දිනයක්ම (තුන්වැනි දිනය) වර්ෂාවට සේදී ගිය නමුත් ජයග්‍රහණයේ බලාපොරොත්තු අත් නොහළ නවසීලන්ත ක්‍රීඩකයෝ ලෝඩ්ස් ටෙස්ට් තරගය ජයගැනීමට නම් ඕවර 75 කදී ලකුණු 273 ක් රැස්කරන ලෙස එංගලන්තයට අභියෝග කළේය. අභියෝගය බාරගත් එංගලන්ත කණ්ඩායම අද සවස තේ පානය වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 56 ක් ලබා සිටියේය. තරගය ජයගැනීමට නම් එංගලන්තය ඉතිරි පැය දෙකක කාලයේද යැවිය යුතු ඕවර 43 කදී ලකුණු 217 ක් ලබාගත යුතුව තිබුණි.
සටන්කාමී පන්දු යැවීමක නිරත වූ නවසීලන්ත පන්දු යවන්නෝ එංගලන්ත පිතිකරුවන් වෙත යැවූ ඕවර 32 කදී ඔවුන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 56 ක් පමණි.
එක්දින තරගයකදී නම් ඕවර 50 ක් තුළදී වුවත් ලකුණු 273 ක් යනු අසීරුවෙන් ආරක්‍ෂාකරගත හැකි ඉලක්කයක් වුවද නිර්භීත තීරණයක් ගත් නවසීලන්ත නායකයා තරගයේ අවසන් දිනය වූ අද (6 වැනිදා) දිවා ආහාරයට පසු සිය ඉනිම අත්හිටුවීය. ඒ වන විට කඩුලු 6 කට ලකුණු 169 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම, මුල් ඉනිමේදී තිබූ ලකුණු 103 ක වාසියත් සමගින්, එංගලන්තයට වඩා ලකුණු 272 කින් ඉදිරියෙන් සිටියේය. පන්දු 35 කින් ලකුණු 33 ක් ලබාගත් රොස් ටේලර් වඩා ඉක්මන් තීරණයක් ගැනීම සඳහා සිය නායකයාට අවස්ථාව සලසා දුන්නේය.
තරගයේ තුන්වැනි දිනය වූ සිකුරාදා සම්පූර්ණ දිනයම වර්ෂාවට සේදී ගිය බැවින් අවසන් දිනයේ දිවා ආහාරය වන විටත් ලෝඩ්ස් පිටියේ සිටි දෙපිල අතර තරගයක් පවතින බවක් දක්නට නොලැබිණ. බහුතර ආකල්පය වූයේ තරගයේ ඉතිරි හෝරා 4 ත් නවසීලන්ත පිල පන්දුවට පහර දිය හැකි බවයි. එහෙත් කේන් විලියම්සන් ඊට පටහැණී තීරණයක් ගත්තේය.
නවසීලන්ත නායකයාගේ මෙම තීරණයට බෙහෙවින් උපකාරක වන්නට ඇත්තේ ලකුණු හඹා යා හැකි ප්‍රවේගකාරී පිතිකරුවන් තිදෙනකු වන බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර් සහ ජොනී බෙයාර්ස්ටෝ යන තිදෙනාම එංගලන්ත කණ්ඩායමට ඇතුළත් නොවන බැවිනි.
මුල් ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ කෝඩුකාර ඔලී රොබින්සන් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත්තේ නවසීලන්ත පිතිකරුවන්ට හිතු මනාපේ ලකුණු රැස්කිරීමට අවසර නොදෙමිනි.
නවසීලන්තය - පළමු ඉනිම 378 යි
එංගලන්තය - පළමු ඉනිම 275 යි
නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 169 යි
(ටොම් ලෙතම් 36, ඩෙවොන් කොන්වේ 23, නීල් වැග්නර් 10, රොස් ටේලර් 33, හෙන්රි නිකොල්ස් 23, බී.ජේ. වොට්ලිං 15, ඔලී රොබින්සන් 26/3)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 170
(රෝරි බර්න්ස් 25, ඩොමිනික් සිබ්ලි නොදැවී 60, ජෝ රූට් 40, ඹලී පොප් නොදැවී 20, ටිම් සවුති 21/1, නීල් වැග්නර් 05/1)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.