Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණත් පා දඟ පන්දු යවන්නී ෆහීමා කාතුන් සිය ඕවර 10 ලකුණු 16 කට සීමා කරගනිමින් කඩුලු 3 ක් ද දවාගත්තාය. එහෙත් ලකුණු 178 ක් යනු එක්දින තරගයකදී එංගලන්තය දමනය කරගත හැකි ලකුණු සංඛ්‍යාවක් නොවේ. ඉන්දියාවේ ගුවහටි නුවර, බර්සපාරා ක්‍රිඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 4 ක පහසු ජයක් අත්කර ගත්හ.
එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ අරමුණ වූයේ වේගයෙන් ලකුණු ලබාගනිමින් තමන්ගේ ශුද්ධ ලකුණු වේගය තවත් වැඩිකර ගැනීම වූවත් ආරම්භයේදීම කඩුලු දෙකක් බිඳ වැටීම නිසා එංගලන්ත ක්‍රීඩිකාවෝ පරෙස්සම් වූහ. පසුව පැමිණි ෆාතිමාගේ පන්දු හමුවේ එංගලන්ත ක්‍රීඩිකාවන් හිතූ හිතූ පහර ගැසීමට නොහැකි විය. එහෙත් පළපුරුදු ක්‍රීඩිකා හෙදර් නයිට් ඉවසිලිවන්ත පිතිහරඹයක යෙදෙමින් කඩුලු 4 ක ජයක් කරා එංගලන්ත පිල කැඳවාගෙන ගියාය.
පන්දු 111 කට මුහුණ දුන් හෙදර් නයිට් හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් තම ඉනිම අලංකාර කළේ චාලි ඩීන් සමගින් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ද ගොඩනඟමිනි.
ශෝභනා මෝස්තරීගේ මෝස්තරකාර පිතිහරඹය නිසා යන්තම් හිස් ඔසවාගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ලකුණු 178 ක් ලබාගත්හ. තම සහායක පිතිකාරිණියන් එකා පසුපස එකා දැවී යද්දීත් ධෛර්යවන්තව පන්දුවට මුහුණ දුන් ශෝභනා, පන්දු 108 කට මුහුණ දෙමින් ඒවායින් 8 ක් ම හතරේ සීමාවෙන් එපිටට යැව්වාය.
බංග්ලාදේශ නායිකා නිගාර් සුල්තානා සහ රුබයියා හයිදර් දෙදෙනාම ලකුණු 25 ක් තුළදී දැවී ගියහ. එහෙත් ශර්මින් අක්තාර් සමගින් එක්වූ ශෝභනා ලකුණු සංඛ්‍යාව 59 ක් දක්වා ඉදිරියට ගෙන ගියාය. ශර්මින් අක්තාර් දැවී ගිය නමුත් අධෛර්ය නොවූ ශෝභනා, බංග්ලාදේශ ඉනිමේ කොඳු නාරටිය වෙමින් බංග්ලාදේශ බලාපොරොත්තු ඉදිරියට ගෙන ගියද සෙසු මැද පෙළ පිතිකාරිණියෝ අසාර්ථක වූහ.
පසුව රාබියා ඛාන් සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව 156 දක්වා ඉදිරියට ගෙන ගිය ශෝභනා දැවී ගියේ තුන්වැනි විනිසුරුවරයාගේ තීන්දුවකිනි. ප්‍රවේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ රාබියා ඛාන් පන්දු 27 කින් නොදැවී ලකුණු 43 ක් ලබාගත්තේ හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සරසමිනි. එංගලන්ත වමතින් දඟ පන්දු යවන්නී සොෆී එක්සෙල්ස්ටන් නැවත වරක් එංගලන්ත පිල වෙනුවෙන් සාර්ථක දස්කම් දැක්වූවාය.
බංග්ලාදේශය - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 178 යි
(ශර්මින් අක්තාර් 30, ශෝභනා මෝස්තරී 60, ෂෝර්නා අක්තාර් 10, රාබියා ඛාන් නොදැවී 43, ලින්සේ ස්මිත් 33/2, සොෆී එක්සෙල්ටන් 24/3, චාලි ඩීන් 28/2, ඇලිස් කැප්සි 31/2)
එංගලන්තය - ඕවර 46.1 කදී කඩුලු 6 ට 182 යි
(ටැමී බියුමන්ට් 13, හෙදර් නයිට් නොදැවී 79, නැතලි ෂිවර්-බ්‍රන්ට් 32, ඇලිස් කැප්සි 20, චාලි ඩීන් නොදැවී 27, මනුෆා අක්තාර් 28/2, ෆහීමා කාතුන් 16/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.