Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලිය දිනති

එංගලන්ත ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලිය දිනති

editorial - 2021 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායිකා හෙදර් නයිට්ගේ දක්ෂ පිතිහරඹය හමුවේ සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඩර්බිශයර් නුවරදී පැවැති සිවුවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-1 ක් ලෙස ජයගැනීමටද එංගලන්ත කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩිකාවෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

නායකත්වයේ පිතිහරඹයක නිතර වූ හේදර් නයිට්, පන්දු 107 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 101 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය. ලකුණු 71 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඇමී ජෝන්ස් (40) සමග එක්ව පන්දු 129 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නයිට් සමත් වූවාය. පන්දු 63 කදී වාර්තා වූ ජෝන්ස්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ කැතී මාටින් එහිදී පන්දු 83 කින් නොදැවී ලකුණු 65 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. ඇමී සැටර්ත්වයිට් පන්දු 86 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 54 ක්ද, සොෆී ඩේවින් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 41 ක්ද, බෘක් හැලිඬේ පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද රැස්කරමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


නවසීලන්ත කාන්තාවෝ - ඕවර 50 කදී කඩුලු 8 කට 244
(සුසී බේට්ස් 17, ඇමී සැටර්ත්වයිට් 54, සොෆී ඩේවින් 41, කෙටී මාටින් නොදැවී 65, බෘක් හැලිඩේ 28, ෆ්‍රෙයා ඩේවිස් 46/2, අන්යා ශ්‍රබ්සෝල් 43/2)

එංගලන්ත කාන්තාවෝ - ඕවර 49.3 කදී කඩුලු 7 කට 245
(ලෝරන් වින්ෆීල්ඩ් හිල් 33, හෙදර් නයිට් 101, ඇමී එලන් ජෝන්ස් 40, ඩැනියෙල් යාත් 27, හැනා රෝ 47/4, සොෆී ඩේවින් 55/2)

-036

 


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.