Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය මැතිව්ස් දඩයමට සැරසෙයි

එංගලන්තය මැතිව්ස් දඩයමට සැරසෙයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 16 Comment
A A A

 

විනිසුරුවරුන් සහ තරග නිලධාරීන් විවේචනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවා වුවහොත් ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය ශී‍්‍ර ලංකා කණ්්ඩායමට අහිමි විය හැකි බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ විනිසුරුවරුන් සැක පහළ කිරීම සම්බන්ධයෙන් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ අදහස් දැක්වීමට එරෙහිව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිලි කර තිබිණ.  

ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ ඉරියව්ව පිළිබඳ සැක පහළ වන්නේ ”ලෝකයේ ඇතැම් කලාප වලදී” යයි ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබිණ. තරග විනිසුරුවරුන් මෙන්ම අනෙකුත් නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයට වගකීමක් නොතිබෙන නමුත් මැතිව්ස්ගේ එම ප‍්‍රකාශයෙන් එංගලන්ත කි‍්‍රකට් නිලධාරීන් තැතිගෙන තිබුණේ යයි වාර්තා විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල ප‍්‍රකාශයක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මෙතෙක් ලැබී නැත. මැතිව්ස්ට එවන් තහනමක් පනවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පරීක්‍ෂණයක් කළ යුතුය. එසේ වුවත් මැතිව්ස්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිළි කළ බව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දන්වනු ලැබ තිබිණ.

මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියකු පවසා සිටියේ මැතිව්ස් මුහුණ දී සිටින අනතුර සම්බන්ධයෙන් තමන් දැනුම්වත්ව සිටින බවත් ඒ පිළිබඳ ලන්ඩන් නුවර නීතිඥවරයකුගේ සහාය ලබාගැනීමට සූදානමින් සිටින බවත්ය. එහෙත් ශී‍්‍ර ලංකාවේ පැත්තෙන් බලන කල්හි තත්ත්වය එතරම් යහපත් නොවන බවද මෙම නිලධාරීයා පැවසීය.

තමන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදිමින් මැතිව්ස් හෙට (19 වැනිදා) ප‍්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වන බවද දැනගන්නට තිබේ.

 


අදහස් (16)

එංගලන්තය මැතිව්ස් දඩයමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.