Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය කඩුල 5 ට 344 යි

එංගලන්තය කඩුල 5 ට 344 යි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත්ව සිටින ජෝ රූට්ගේ (නොදැවී 102) ධෛර්යවත් පිතිහරඹය නිසා ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) ආරම්භ වූ පළමු වැනි ටෙස්ට් තරගයේදී මුල් දිනය අවසන් වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 344 ක් ලබාගැනීමට එංගලන්ත පිල සමත් විය.

ලකුණු 74 කට කඩුලූ 3 ක් බිඳ වැටී තිබියදී පිටියට පැමිණි ජෝ රූට්, ඉයන් බෙල් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක්ද, මුයින් අලී සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක්ද, එක් කළ අතර කඩුලූ රකින්නා වන මැතිව් ප‍්‍රයර් සමගින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 135 ක් ද එක්කර තිබිණ.

මැතිව් ප‍්‍රයර් ලකුණු ලබාගැනීමට පෙර රංගන හේරත්ගේ පන්දුවකින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් බවට ඉල්ලීමක් කළද එය විනිසුරු පෝල් රයිෆල් මහතා විසින් ප‍්‍රතික්ෂේප කෙරිණ. ශ‍්‍රී ලංකා පිල විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමයේ සහාය ලබාගත් නමුත් අවසානයේදී එය විනිසුරුවාගේ තීරණයම විය.

සිට ටෙස්ට් දිවියේ මුහුණ දුන් පළමු දඟ පන්දුවටම හයේ පහරකින් සංග‍්‍රහ කළ මුයීන් අලි ජෝ රූට්ට අගනා සහයෝගයක් දෙමින් අලංකාර පිතිහරඹයක නියැලී සිටි නමුත් සිය අර්ධ ශතකය පෙනිපෙනී දැවී ගියේය. රංගන හේරත්ගේ පන්දුවකට මුයින් අලී ඉතා වේගයෙන් ගැසූ ඩ‍්‍රයිව් පහරක් වැරදී යාම නිසා පිත්තේ දාරයේ වැදුණු පන්දුව ස්ලිප් කලාපයෙන් ඇදී යද්දී මහේල ජයවර්ධන එය රැකගත්තේය.

ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේ සාමන්‍යයෙන් දක්නට ලැබෙනවාට වඩා තරමක් හරිත පැහැය ගත් තණතීරුවක කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් ඊයේ පෙරවරුවේදී තරගයේ වාසිය අත්කරගත්තේය. දිවා ආහාරය වන විට ලකුණු 98 කට කඩුලූ 3 ක් බිඳ වැටී තිබුණද දිවා ආහාරයත් ඊයේ තේ පානයත් අතර ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ ඉයන් බෙල් පමණි.

එංගලන්ත පිල වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක යෙදෙමින් සිටි ඉයන් බෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට ශමින්ද එරංග සමත් විය. ශ‍්‍රී ලංකා පිලේ ඉල්ලීම විනිසුරු පෝල් රයිෆල් විසින් ප‍්‍රතික්ෂේප කරන ලද නමුත් කිසිදු පැකිළීමකින් තොරව විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමයේ පිහිට පැතූ එරංග සහ ශ‍්‍රී ලංකා නායකයා බෙල්ගේ ඉනිම අවසන් කරගත්හ.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව නායක මැතිව්ස් පවසා සිටියේ තණතීරුවේ මතුපිටින් පෙනන ස්ථරයට පහළින් ඇති ස්ථරය වියළි වනු ඇතැයි තමන් සිතන නමුත් පවතින තත්ත්වයෙන් ප‍්‍රයෝජන ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා....


අදහස් (2)

එංගලන්තය කඩුල 5 ට 344 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.