Last Update  :  2025-08-03 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයේ හිටපු නායක ඩෙක්ස්ටර් සමුගනී

එංගලන්තයේ හිටපු නායක ඩෙක්ස්ටර් සමුගනී

editorial - 2021 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්තයේ කීර්තිමත් ටෙස්ට් නායකයකු මෙන්ම විශිෂ්ට ගණයේ පිතිකරුවකු වූ ටෙඩ් ඩෙක්ස්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනය කරයි. “ලෝඩ් ටෙඩ්” යනුවෙන් ජනාදරයට පත් ටෙඩ් ඩෙක්ස්ටර් 1958 සිට එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 62 ක් ක්‍රීඩා කළේය. 

එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයටද ක්‍රීඩා කළ ඩෙක්ස්ටර් මහතා සිය ක්‍රීඩා දිවියේදී ඉතාමත් සාර්ථක නායකයකු ලෙසින් සැලකිණ. 1958 දී නවසීලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ටෙඩ් ඩෙක්ස්ටර් 60 දශකය ආරම්භයේදීම එංගලන්ත පිලට නායකත්වය දුන්නේය. 

“ටෙඩ් කියන්නේ මහත් ආදරයෙන් රැකබලාගත් ස්වාමිපුරුෂයෙක්, පියෙක් වගේම සීයා කෙනෙක්. ඒ විතරක් නෙමේ එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්” යයි මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සිය ශෝකය ප්‍රකාශ කිරීමේ නිවේදනයේ සටහන් කර තිබිණ. 

තමන් ක්‍රීඩා කළ ටෙස්ට් තරග 62 න් තරග 30 කදී එංගලන්තයට නායකත්වය දුන් ඩෙක්ස්ටර්, ටෙස්ට් ලකුණු 4502 ක හිමිකරුවකු වන අතර ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය ලකුණු 47.89 කි. පන්දු යැවීමෙන් ඔහු ටෙස්ට් කඩුලු 66 ක් ද දවාගෙන තිබේ. කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 34.93 කි. 

ක්‍රිකට් පරිපාලනයට එක්වූ ඩෙක්ස්ටර් මහතා 1989 සිට වසර 4 ක් එංගලන්ත තේරීම් කමිටුවේ සභාපති ධූරය හෙබවීය. පසුකලෙක මාර්ලිබෝන් ක්‍රිකට සමාජයේ සභාපතිධූරයට පත්වූ ඩෙක්ස්ටර් මහතා වසර 2001 දී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ අණදෙන නිලධාරියකු වශයෙන් මහරැජිණගේ වාර්ෂික ගෞරවනාම ලයිස්තුවට එක්විය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වත්මන් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වලට පදනම් වන්නේ ටෙඩ් ඩෙක්ස්ටර් මහතා විසින් හඳුන්වාදෙන ලද ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයකි. ක්‍රිකට් පොතේ තිබූ සියලුම පහර ඔහු සතුවූ අතර වේග පන්දු යවන්නන් මෙල්ලකිරීමට ඔහුට තිබුණේ පුදුමාකාර හැකියාවකි.

මෝටර්බයිසිකල් පැදීමට කැමැත්තක් දැක්වූ ටෙඩ් ඩෙක්ස්ටර් මහතා බොහෝ තරුණ ක්‍රීඩකයන්ට නොමසුරුවම ගුරුහරුකම් දුන්නේය. 
“ටෙඩ් ඩෙක්ස්ටර් කියන්නේ තමන්ගේ සීමාවෙන් එහාට ගිහිල්ලා, මට වගේම අනෙක් ක්‍රීඩකයන්ටත් දැනමුතුකම් දුන්න කෙනෙක්. එයාගේ මෝටර්බයිසිකලේ නැගලා දිවා ආහාර ගන්න ආවම, එයාත් එක්ක ක්‍රිකට් ගැන කතාකරන එකත්, එයාට ඇහුම්කන් දෙන එකත් හරිම විනෝදයක්” යයි එංගලන්තයේ හිටපු නායකයකු වන මයිකල් වෝන් සිට ට්විටර් හසුරුවේ සටහන් කර තිබිණ. 

- 213


අදහස් (0)

එංගලන්තයේ හිටපු නායක ඩෙක්ස්ටර් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.