Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අළු බඳුන රැකගැනීම කෙසේ වෙතත් තරගාවලියේ රැඳී සිටීමේ බලාපොරොත්තු පවා සී සීකඩව විසුරුවාගත් එංගලන්ත කණ්ඩායම, මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 185 කට දැවී ගියේය.
එංගලන්ත පිතිකරුවන් සියලූ දෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යැවූ ඕස්ටේ‍්‍රලියානුවෝ තරගයේ පළමු දිනය නිමා කළේ කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබාගනිමිනි.
බි‍්‍රස්බේන් සහ ඇඩිලේඞ් නුවරදී පැවැති ආරම්භක තරග දෙකේදීම දරුණු පරාජයන් අත්විඳි එංගලන්ත කණ්ඩායම ‘අළු බඳුන’ තරගාවලියේදී 2-0 ක් ලෙසින් මේ වන විටත් පසුපසට තල්ලූ වී සිටී. තරගාවලියේ රැුඳී සිටීමට නම් එංගලන්ත කණ්ඩායම මෙල්බර්න් තරගය ජයගත යුතුවන නමුත් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව අනුව එය ඉතාමත් අසීරු කාර්යයක් බවට පත්ව තිබේ.
මේ වන විටත් මෙල්බර්න් නුවර පවතින ‘අළු බඳුන’ තවදුරටත් එහිම තබාගැනීමට නම් මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමත් ඕස්ටේ‍්‍රලියානුවන්ට සෑහෙයි.
කාසියේ වාසිය අහිමි කරගත් බැවින් ජෝ රූට්ගේ පිරිසට පළමුව පන්දුවට පහර දීමට සිදුවිය. එහෙත් එංගලන්ත නායකයා (50) සහ ජොනී බෙයාර්ස්ටෝ (35) හැරෙන්නට සෙසු පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ. පිට පිටම පස්වැනි ඉනිමේදීත් එංගලන්ත කණ්ඩායම ලකුණු 300 ට අඩුවෙන් දැවී ගියේය.
නිරෝධායනය හේතුවෙන් සතියක විවේකයක් ලබා තරගයට පිවිසි ඕස්ටේ‍්‍රලියානු නායකයා, මුළු ලකුණු සංඛ්‍යාව 61 ක් වන විට එංගලන්තයේ ඉදිරිපෙළ පිතිකරුවත් තිදෙනකුම ආපසු කී‍්‍රඩාගාරයට යවා තිබිණ. අබාධයකින් පසුව පැමිණි මිචෙල් ස්ටාක්, ලකුණු 86 දී ජෝ රූට්ගේ ඉනිම නිමා කිරීමත් සමගින් ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ගේ කටයුතු පහසු විය.
රූට් හැරෙන්නට ලකුණු 20 සීමාව පසුකළේ බෙන් ස්ටෝක්ස් (25), ජොනී බෙයාර්ස්ටෝ (35) සහ ඔලී රොබින්සන් (22) පමණි.
එංගලන්තයේ හිටපු ටෙස්ට් නායක රේ ඉලිංවර්ත් මහතාගේ අභාවය හේතුවෙන් එංගලන්ත කී‍්‍රඩකයෝ කළු අත්පටි පැළඳ සිටියහ. එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ කීර්තිමත් නායකයකු වන ඉලිංවර්ත් මහතා මියයන විට 89 හැවිරිදි වියේ පසුවිය.
කොරෝනා තර්ජනය තිබියදීත්, මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට නරඹන්නෝ 57,100 ක් පැමිණ සිටියහ. එහෙත් එය අපේක්‍ෂා කළ අගයට වඩා අඩුවීමකි.
එංගලන්තය - පළමු ඉනිම 185 යි
(සැක් ක්‍රෝලි 12, ඩේවිඩ් මලාන් 14, ජෝ රූට් 50, බෙන් ස්ටෝක්ස් 25, ජොනී බෙයාර්ස්ටෝ 35, ඔලී රොබින්සන් 22, ජැක් ලීච් 13, මිචෙල් ස්ටාක් 54/2, පැට් කමන්ස් 36/3, නේතන් ලයන් 36/3)
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලූ 1 ට 61 යි
(මාකස් හැරිස් නොදැවී 20, ඩේවිඩ් වෝනර් 38, ජේම්ස් ඇන්ඩසන් 14/1)
ඡායාරූප - රොයිටර් අනුග්‍රහයෙනි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.