Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොයිටර් ඇසුරිනි - සැකසුම දමින්ද විජේසූරිය)
අළු බඳුන තරගාවලියට ඇත්තේ ශතවර්ෂයකටත් වැඩි ඉතිහාසයකි. ඒ ඉතිහාසය පුරාම, 2-0 ක් පසුපසින් සිටි එංගලන්ත කණ්ඩායමක් අළු බඳුන දිනාගත් බව වාර්තාවී නැත.
නායකත්වය වීසිකර දැමූ ඉයන් බොතම් තනි අතින් ඕස්ටේ‍්‍රලියානුවන් මෙල්ල කළ, 1981 එංගලන්ත සංචාරයේදී, තරග 6 කින් සමන්විත අළු බඳුන තරගාවලියේදීත් දෙවැනි ටෙස්ට් තරගය නිමාවන විට ඔස්ටේ‍්‍රලියානුවන් ඉදිරියෙන් සිටියේ 1-0 ක් ලෙසිනි. ලෝඞ්ස් පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවීම ඊට හේතුවයි.
බොක්සිං දින ටෙස්ට් තරගය හෙවත් ලබන ඉරිදා (26 වැනිදා) ආරම්භ වන මෙල්බර්න් ටෙස්ට් තරගය අබිමුව ජෝ රූට්ගේ එංගලන්ත කණ්ඩායම දැන් මුහුණ දී සිටින්නේ එවන් අර්බුදයකටය. ලෝකය පුරා කි‍්‍රකට් ලෝලීන්ගේ අපේක්‍ෂාව අඩුතරමේ තුන්වැනි තරගයේදීවත් ජෝ රූට්ගේ කට්ටිය ඕස්ටේ‍්‍රලියානුවන්ට සටනක් දෙනු ඇතැයි කියා නමුත්, තත්ත්වය ඒ තරම්ම යහපත් මට්ටමක නැත.
පදනමක් නැති තේරීම්, කඩා වැටෙන පිතිහරඹය මෙන්ම කොන්දක් නැති පන්දු යැවීමද එංගලන්තයේ අසරණ තත්ත්වයට පාර කපා තිබේ. තත්ත්වය මෙසේ තිබියදී එංගලන්ත නායක ජෝ රූට් සිය සගයන්ට කියා ඇත්තේ මෙල්බර්න් තරගයේදී පැහැදිළි දියුණුවක් අපේක්‍ෂා කරන බවයි. එසේ නැතහොත් වසර 11 කට පසුවත්, මෙල්බර්න් පිටියේදී ටෙස්ට් ජයක් ලබාගැනීමේ අවස්ථාව එංගලන්තයට අහිමි වනවා පමණක් නොව, අළු බඳුනත් ඕස්ටේ‍්‍රලියානුවන් සතුවනු ඇත.
”අපි (මේ තරගාවලියේදී) බරපතළ වැරදි කළා. අපි ඒවා ගැන කතා කළා. ඒ නිසා ඊට වඩා හොඳ තත්ත්වයක් මෙල්බර්න්හිදී අපේක්‍ෂා කරනවා”
”අපිට මේ තරගය දිනන්න ඕනා. නැත්නම් අපට තවදුරටත් තරගාවලියේ රැුඳී සිටින්නට බෑ. ඒ නිසා අපි කණ්ඩායම තෝරා ගන්නේ ජයග‍්‍රහණය කරන්න පුළුවන් කී‍්‍රඩකයන් කවුද කියලා හිතලයි” යයි ජෝ රූට් සිකුරාදා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
කාසියේ වාසිය උරගා බැලීමේ අවසන් මොහොත වන තුරු එංගලන්ත කණ්ඩායම ප‍්‍රකාශයට පත් නොකෙරෙනු ඇත. එහෙත් වෙනස්කම් කිහිපයක් නම් ස්ථිර වශයෙන්ම කෙරෙනු ඇත. ලකුණු අතර නැති ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රෝරි බර්න්ස් සහ හසීබ් හමීඞ් දෙදෙනාගෙන් අයකු වෙනුවට සැක් ක්‍රෝලි කණ්ඩායමට එකතු වෙතැයි අපේක්‍ෂා කෙරේ.
අනෙක් අතට, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සිටම, ඕස්ටේ‍්‍රලියානුවන් ගහන ගහන ගල ඉලක්කයටම වදිමින් තිබේ.
අළු බඳුන තරගාවලිය ආරම්භයට පෙරදීම ටිම් පේන් කණ්ඩායම හැරදා ගියේය. එහෙත් නව නායක පැට් කමින්ස් සිය පළමු තරගයේදීම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජයග‍්‍රහණය කරවීය. කොරෝනා ආසාදිතයකු ආසන්නයේ සිටීම හේතුවෙන් පැට් කමින්ස්ට දෙවැනි තරගය අහිමි වූවත් මුල් ඉනිමේදී ලකුණු 93 ක් ලබාගත් තාවකාලික නායක ස්ටීවන් ස්මිත් දෙවැනි තරගයේදීත් ඕස්ටේ‍්‍රලියාවට ජය ගෙන දුන්නේය. දැන් නැවතත් කමින්ස්ගේ වාරයයි.
මෙල්බර්න් තරගයේදී පැට් කමින්ස් යළිත් කණ්ඩායමට එකතු වීමට නියමිතය. පුහුණුකරු ජස්ටින් ලැන්ගර්ගේ බලාපොරොත්තුව මිචෙල් ස්ටාක් නැවතත් කණ්ඩායමට එක්වීමට තරම් සුදුසු ශාරීරික යෝග්‍යතාවක සිටිනු ඇතැයි යන්නය. මේ වන විට ලෝකයේ අංක 1 හිිමි ටෙස්ට් පිතිකරුවා වන මානස් ලැබුෂේන්ද ඕස්ටේ‍්‍රලියානුවන් සතුව සිටී.
එංගලන්තය සිය අවසන් ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී (2017-18) තරග 5-0 ක සම්පූර්ණ සුද්දයකින් ගැලවුණේ මෙල්බර්න් පිටියේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවිනි. එම තරගයේදී ඇලිස්ටෙයාර් කුක් නොදැවී ලකුණු 244 ක් ලබාගත්තේය.
”දැන් ඕනෑ කරන්නේත් ඒකම තමයි. කවුරුහරි කෙනෙක් ඉදිරිපත් වෙලා ඒ වගේ ඉනිමක් ගහන්න ඕනා” යයිද ජෝ රූට් පැවසීය.
ඇඩිලේඞ් පරාජයෙන් පසුව ජෝ රූට් පන්දු යවන්නන්ට දෝෂාරෝපණය කළේ යයි ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක ජේම්ස් ඇන්ඩසන් නොසතුටින් සිටී. ඊට ප‍්‍රතිචාර ලෙසින්, එංගලන්තයේ පුවත් පතකට ඇන්ඩසන් ලියා තිබුණේ ”අපි පන්දු යැවූ සීමාව වැරදි වෙන්න පුළුවන්. ඒත් පරාජය වෙනුවෙන් පන්දු යවන්නන්ට විතරක් දෝෂාරොපණය කරන එක වැරදියි” යනුවෙනි.
කෙසේ වෙතත්, තැනින් තැනට උස්සාගෙන යා හැකි මෙල්බර්න් තණතීරුව බොහෝ දෙනාගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙනු නිසැකය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.