Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට ලකුණු 296 ක ඉලක්කයක්
ලීඩ්ස් ටෙස්ට් තරගය

එංගලන්තයට ලකුණු 296 ක ඉලක්කයක්

editorial - 2022 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (26 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට නවසීලන්තය සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 326 ක් ලබා ගත්තේය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 296 ක ඉලක්කයක් එංගලන්තයට හිමිවිය.

තෙවැනි දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 168 කට කඩුලු 5 ක් අහිමිකර ගෙන සිටි නවසීලන්තයට අද දිනයේදී ඉතිරි කඩුලු 5 තවත් ලකුණු 158 ක් තුල අහිමි විය.

ඊයේ තරගය අවසන් කරන විට ලකුණු 4 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඩැරිල් මිචෙල් අද දිනයේදී ලකුණු 56 කට දැවී ගිය අතර ලකුණු 5 ක් ලබා සිටි ටොම් බ්ලන්ඩල් ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 88 ක් ලබාගත්තේය.

ඩැරිල් මිචෙල් සහ ටොම් බ්ලන්ඩල් එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත දෙවැනි ඉනිම ගොඩනැගීමට සමත්වූහ. නමුත් එම සම්බන්ධතාව බිඳවැටීමෙන් පසුව ඉතිරි කඩුලු 4 තවත් ලකුණු 52 ක් තුල දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

ජැක් ලීච් කඩුලු 5 ක් සහ මැතිව් පොට්ස් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 329
එංගලන්ත පලමු ඉනිම - සියලු දෙනා දැවී 360
නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 326

(ටොම් ලේතම් 76, කේන් විලියම්සන් 48, ඩැරිල් මිචෙල් 56, ටොම් බ්ලන්ඩල් නොදැවී 88, ජැක් ලීච් 66/5, මැතිව් පොට්ස් 66/3)

- 036


අදහස් (0)

එංගලන්තයට ලකුණු 296 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.