Last Update  :  2026-03-23 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උපුල් තරංගගේ වාර්තාව ධර්මාශෝකයේ චන්දූප බිඳ දමයි
57 වැනි සුනීල සංග්‍රාමය

උපුල් තරංගගේ වාර්තාව ධර්මාශෝකයේ චන්දූප බිඳ දමයි

editorial - 2026 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ  දේවානන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර 57 වැනි වරටත් පැවති  සුනීල සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග 2004 වසරේ ලකුණු 169 ක් ලබා මේ තරගයේ  වැඩිම ලකුණු ලාභියා ලෙස තබා තිබූ වාර්තාව, වසර 22 කට පසුව ධර්මාශෝක විද්‍යාලයේ චන්දූප කවීෂ ලකුණු 205 ක් ලබාගනිමින් බිඳ හෙලුවේ උපුල් තරංග බලා සිටියදී වීම විශේෂයෙන්ම කැපී පෙනුනි.

සුනිල සංග්‍රාමය ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු ලබාගත් කීඩකයා ලෙස  වාර්තාව තැබූ ධර්මාශෝක විදයාලයේ  චන්දූප කවීෂ දේවානන්ද විදයාලය පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 205 තනිවම ලබා ගැනීමද තවත් විශේෂත්වයකි. මේ ලකුණු 205 ලබා ගැනීමට චන්දූප කවීෂ පන්දු 191 කට මුහුණ දුන් අතර එහිදී ඔහු හයේ පහර 11 ක් සහ හතරේ පහර 14 ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනූ ධර්මාශෝක විද්‍යාලය  පළමුවෙන් පන්දුවට පහරදීමට දේවානන්ද විද්‍යාලයට ආරාධනා කළේය. ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කිරීමට ගිය දේවානන්ද විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 205ක් ලබා ගත්තේය. එහිදී දේවානන්ද විද්‍යාලයේ  නිසිත් ද සිල්වා ලකුණු 75ක් ලබාගත් අතර එම විදයාලයේම සවිනු ගිහන්සිත් ලකුණු 52ක් ලබා ගත්හ. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ධර්මාශෝක විද්‍යාලයේ රෙශිත රුවිශ්වක ලකුණු 37කට කඩලු 3ක් ලබා ගත්තේය.

පළමු ඉනිම ක්‍රීඩා කිරීමට ගිය ධර්මාශෝක විද්‍යාලය කඩලු 6ක් දැවී ලකුණු 366 ක් ලබා ගත්තේය. මෙහිදී වසර 22ක් තබා තිබූ වාර්ථාව කැඩූ ධර්මාශෝක විද්‍යාලයේ චන්දූප කවීෂ දිත්ව ශතකයක් ( 205) ක් ලබා ගත්තේය. මීට අමතරව ධර්මාශෝක විදයාලයේ ඔමේග කරුණාරත්න අර්ධ ශතකයක් (69) ලබාගත්තේය. පන්දු යවමින් දේවානන්ද විද්‍යාලයේ සවිනු ගිහන්සිත් සහ සෙනුල වින්සර ලකුණු 67කට කඩුලු 2 ක් බැගින් ලබා ගත්හ.

ලකුණු 161 ක අවාසියකට මුහුණ දෙමින් දෙවැනි ඉනිම ක්‍රීඩා  කිරීමට ගිය දේවානන්ද විද්‍යාලය  කඩලු 6ක් දැවී  ලකුණු 226 ක් ලබා ගත්තේය. එහිදී දේවානන්ද විදයාලයේ නිසිත් ද සිල්වා පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී ද අර්ධ ශතකයක් (91)වාර්ථා කළේය. පන්දු යවමින් ධර්මාශෝක විද්‍යාලයේ  කවීෂ සඳරුවන් ලකුණු 65 කට කඩලු 3ක් බිද හෙලීය.

 

දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම සියලුදෙනාම දැවී 205 යි
(නිසිත් ද සිල්වා 75, සවිනු ගිහන්සිත් 52, දනිඳු ඉනෝෂ 25, බිඟුන් ඉඳුමිණ 40/2, රෙශිත  රුව්ශ්වක 37/3)

ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම කඩලු 6 ක් දැවී 366 යි
(චන්දූප කවීෂ 205 යි, ඔමේග කරුණාරත්න 69, කවීෂ මතීෂ් 38, සුහස් ද සිල්වා 30, සවිනු ගිහන්සිත් 67/2, සෙනුල  වින්සර 67/2)

දේවානන්ද  විද්‍යාලය - දෙවැනි ඉනිම ලකුණු 226 යි
(නිසිත් ද සිල්වා 91, මහීම් දේශාන් 44, තෙනූෂ වීරසිංහ 23, දනිඳු ඉනෝෂ 28, කවීෂ සඳරුවන් 65/3 )

 


අදහස් (0)

උපුල් තරංගගේ වාර්තාව ධර්මාශෝකයේ චන්දූප බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.