
මැන්ඩරින් රීඩ් ඊ-ස්පෝර්ට්ස් සමඟ එක්ව සිම් රේසිං ලංකා විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆෝමියුලා I ඊ - රේසිං ශූරතාවලිය ආරම්භ විය. මෙම තරගාවලියට 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ ෆවුසුල් අලීම්, ඇන්ඩෲ ෂෝන් සහ රෂිත අලුත්ගේ අනුපිළිවෙළින් ලකුණු සටහනේ ඉහළම ස්ථාන හිමිකරගත් තිදෙනා අතරට පැමිණියහ.
මෙම ඊ-රේසිං තරගාවලියට විශාල ප්‍රේක්ෂක උද්යෝගයක් හිමිවීම විශේෂයකි.
ප්‍රේක්ෂයන් අතර තිබූ මෙම උනන්දුව, එම ඊ-රේසිං තරග සජීවී ලෙසින් විකාශය කෙරුණු විවිධාකාර මාධ්‍ය වේදිකා ඔස්සේ දැකගත හැකිවිය. පළමු අදියර සඳහා රේසිං තරග 8 ක් පැවැති අතර දිවයින පුරා සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයෝ රැසක් එය නැරඹූහ.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ අන්තරජාල ක්‍රීඩා (ඊ-ගේමිං) සහ ෆෝමියුලා I (ඊ-රේසිං) සඳහා අනාගත බලාපොරොත්තු ඉහළ නංවන තත්ත්වයකි. සුදුසුකම් ලැබීමේ වටය පසුකර ඉදිරියට ගිය ඊ-රියැදුරන් 10 දෙනා අතර තියුණු සටනක් දක්නට ලැබිණ. මෙම තත්ත්වය ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය තවත් දිනාගන්නට සමත් වූ කරුණකි.
තරගාවලියේ මීළඟ තරගය 2021 අගෝස්තු 28 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.