Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියා - බංග්ලාදේශ ටෙස්ට් තරගය විසඳුම් නෑ

ඉන්දියා - බංග්ලාදේශ ටෙස්ට් තරගය විසඳුම් නෑ

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර ෆාටුල්ලාහිදී පැවැති ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.

තරගයේ පස්වැනි දිනය වූ අද (14) තරගය අවසන් වන විට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 23 ක් රැස්කර සිටියේය.

රවිචන්ද්‍රකුමාර් අෂ්වින් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 87 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය.

ඉන්දීය ආරම්භක පිතිකරු ශීකර් දාවන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
අඛණ්ඩව වර්ෂාවෙන් බාධා ඇති වූ තරගයට අද දිනයේ ද වර්ෂාවෙන් බාධා ඇති වූ අතර තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.

 

ඉන්දීය පිල පළමු ඉනිම  ඕවර 103.3 කදී කඩුලූ 6 ට 462
(මුරලි විජේ 150, ශීකර් දාවන් 173, විරාට් කෝලි 14, අජින්‍යා රහනේ 98, ශකීබ් අල් හසන් 105/4, ජුබායිර් හොසේන් 113/2)

බංග්ලාදේශ පිල පළමු ඉනිම  ඕවර 65.5 කදී සියලූ දෙනා දැවී 256
(තමීම් ඉක්බාල් 19, ඉම්රුල් කායිස් 72, මොමිනුල් හක් 30, සෞම්‍ය සර්කර් 37, ලිට්ටොන් දාස් 44, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 87/5, හර්බජාන් සිං 64/3)

බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම  ඕවර 15 කදී කිසිවකු නොදැවී 23
(තමීම් ඉක්බාල් නොදැවී 16)


- 048


අදහස් (0)

ඉන්දියා - බංග්ලාදේශ ටෙස්ට් තරගය විසඳුම් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.