Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව කඩුලූ 6 ට 462 යි

ඉන්දියාව කඩුලූ 6 ට 462 යි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර ෆාටුල්ලාහිදී පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (12) වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 462 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

රවිචන්ද්‍රකුමාර් අෂ්වින් (නොදැවී 02) සහ හර්බජාන් සිං (නොදැවී 07) පන්දුවට පහර දෙමින් සිටියහ.  

පළමු දිනයේ ක‍්‍රීඩාව අත්හිටු වන විට ඉන්දීය පිල කිසිවකු නොදැවී ලකුණු 239 ක් රැස්කර සිටි අතර වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනය අතහැර දැමීමට සිදුවිය.
ආරම්භක පිතිකරුවන් වන මුරලි විජේ (150) සහ ශීකර් දාවන් (173) ලකුණු 283 ක සම්බන්ධතාවත් පැවැත්වූහ.

ශීකර් දාවන් පන්දු 195 කදී හතරේ පහර 23 ක් සමගින් ලකුණු 173 ක් රැස්කර සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

මුරලි විජේ පන්දු 272 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 150 ක් රැස්කරමින් සිවුවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.


ඉන්දීය පිල පළමු ඉනිම  ඕවර 103.3 කදී කඩුලූ 6 ට 462
(මුරලි විජේ 150, ශීකර් දාවන් 173, විරාට් කෝලි 14, අජින්‍යා රහනේ 98, ශකීබ් අල් හසන් 105/4, ජුබායිර් හොසේන් 113/2)


- 048


අදහස් (0)

ඉන්දියාව කඩුලූ 6 ට 462 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.