Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය ලබන මස (ජූලි) 13 වැනිදා ආරම්භ වන බව සෝනි ස්පෝට්ස් සමාගම නිවේදනය කරයි. එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් සඳහා ඉන්දීය කණ්ඩායම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර තහවුරු කර තිබිණ.
මෙම තරගාවලියේ විකාශන අයිතිය සෝනි ස්පෝර්ට්ස් සමාගම විසින් හිමිකරගෙන ඇත.
ඒ අනුව එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනයන්හිදීත් විස්සයි20 තරග ජූලි 21, 23 සහ 25 යන දිනයන්හිදීත් පැවැත්වේ. තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ තරග හයම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට බොහෝ ඉඩ ඇති බවයි.
“දැන් රටේ පවතින තත්ත්වය එක්ක එහේ මෙහේ යන්න යාම ටිකක් අවදානම්. ඒ නිසා බොහෝ දුරට තරග සේරම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්න ඉඩ තියෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.
ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සඳහා ෂිකාර් ධවාන් තෝරාගැනීමට නියමිත අතර පුහුණුකරුවා වශයෙන් රාහුල් ද්‍රාවිඩ් පත්කිරිමට නියමිතය. ඊට හේතුව විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියකට එක්ව සිටින බැවිනි. ඒ අනුව ඉන්දියානු කණ්ඩායම් දෙකක් එකවර රටවල් දෙකක ක්‍රීඩා කරන දුර්ලභ අවස්ථාවක් දැක ගැනීමට හැකිවනු ඇත.
මේ මස 18 වැනිදා සිට නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසන් මහා තරගයට සහභාගි වීම සඳහා ඉන්දීය ටෙස්ට් සංචිතය මේ වන විටත් එක්සත් රාජධානියේ සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.