Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය පළමු ඉනිම 202 කට සීමා වෙයි
ජොහැන්නස්බර්ග් ටෙස්ට් තරගය

ඉන්දීය පළමු ඉනිම 202 කට සීමා වෙයි

editorial - 2022 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 202 කට සීමා විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නෝ පළමු ඉනිමේදී ඉන්දීය පිතිකරුවන්ට වැඩි යමක් කිරීමට ඉඩක් ලබා නොදුන්හ. 

එහිදී මාර්කෝ ජෙන්සන් ලකුණු 31 කට කඩුලූ 4 ක් බිඳහෙළු අතර කගිසෝ රබාඩා සහ ඩුවෑන් ඔලිවර් කඩුලූ 3 බැගින් බෙදාගත්හ. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ලෝකේෂ් රාහුල් හතරේ පහර 9 ක් සමග ලකුණු 50 ක් රැස්කළ අතර රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 46 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. 

පළමු දිනය සඳහා අද (3 වැනිදා) තරගය නතර කරන විට දකුණු අපි‍්‍රකානුවෝ කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියහ. නායක ඞීන් එල්ගා හතරේ පහරක් සමග ලකුණු 11 ක්ද, කීගන් පීටර්සන් හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක්ද ලබා ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

දකුණු අප‍්‍රිකානු ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ලට හිමිකම් කීමට මොහොමඞ් සාමි සමත් වූ අතර ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඒඞ්න් මාක‍්‍රම් ලකුණු 7 කට දැවී ගියේය. 

ඉන්දීය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 202 
(ලෝකේෂ් රාහුල් 50, මායන්ක් අගර්වාල් 26, හනුමා විහාරි 20, රිෂාබ් පාන්ට් 17, රවිචන්ද්‍රන් අෂ්වින් 46, ජස්පී‍්‍රට් බුම්රා නොදැවී 14, මාර්කෝ ජෙන්සන් 31/4, කගිසෝ රබාඩා 64/3, ඩුවෑන් ඔලිවර් 63/3) 

දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම - කඩුල්ලක් දැවී 35
(කීගන් පීටර්සන් නොදැවී 14)

-036 


අදහස් (0)

ඉන්දීය පළමු ඉනිම 202 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.