Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි කණ්ඩයේ දෙවැනි ස්ථානය වෙනුවෙන් පොරට වැටී සිටින ඉන්දියාව සහ නවසීලන්තය වඩාත් ඉහළ ශූද්ධ ලකුණු වේගයක් සොයා යමින් සිටිති. වැඩිපුර තරගයක් ජයගෙන ඇති බැවින් නවසීලන්තය ඉදිරියෙන් සිටින්නේ ප්‍රසාද ලකුණු 4 ක් සමගින් +0.816 ක ශුද්ධ ලකුණු වේගයක්ද සහිතවය. ඉන්දියාව සතුව ඇත්තේ ප්‍රසාද ලකුණු 2 ක් පමණක් වන අතර ඉන්දියානුවන්ගේ ශුද්ධ ලකුණු වේගය +0.073 කි.
තත්ත්වය මෙසේ හෙයින් අද පැවැත්වෙන තරග දෙකේදීම නවසීලන්තය මෙන්ම ඉන්දියාවද තරගය ජයගැනීම පසෙක තිබියදී වඩාත් හොඳ ශුද්ධ ලකණු වේගයක් සොයා යාම අරමුණ කරගනු ඇත. එහෙත් තරගය ජයගැනීමත් අනිවාර්ය වන්නේ තරගය එක ලකුණකින් හෝ පරාජය වුවහොත් ශූද්ධ ලකුණු වේගය සෘණ අගයක් ගන්නා බැවිනි.
අද පස්වරු 3.30 ට ආරම්භ වන තරගයේදී නවසීලන්තය වැඩි අවස්ථාවක් තිබේ. මක්නිසාද යත් නැමීබියාවේ දක්‍ෂ පිතිකරුවන් සිටින නමුත් ඔවුන්ගේ පන්දු යැවීම එතරම ඉහළ මට්ටමක නැත. එවන් තත්ත්වයකදී නවසිලන්ත පිතිකරුවන්ට වැඩි අවස්ථාවක් තිබේ.
රාත්‍රී 7.30 ට ආරම්භ වන තරගයේදී ඉන්දියාවට ඇත්තේ වඩාත් අසීරු අභියෝගයකි. ස්කොට්ලන්තය සතුව ඉතාමත් හොඳ මෙන්ම පළපුරුදු පිතිකරුවෝත් පන්දු යවන්නෝත් සිටිති. නවතම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ස්කොට්ලන්තය 14 වැනි ස්ථානයේත් නැමීබියාව 15 වැනි ස්ථානයේත් සිටිති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.