Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට මුල් ඉනිමේ වාසිය
එජ්බැස්ටන් ටෙස්ට් තරගය

ඉන්දියාවට මුල් ඉනිමේ වාසිය

editorial - 2022 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක දිගටම ලබාගත් තුන්වැනි ටෙස්ට් ශතකය ලබාගත් ජොනී බෙයාර්ස්ටෝගේ පිතිහරඹයට පින්සිදු වන්නට ඉන්දියානුවන් හමුවේ පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවුණු එංගලන්ත කණ්ඩායම එජ්බැස්ටන් ටෙස්ට් තරගයේදී සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 284 ක් ලබාගත්තේය. ඉන්දීය කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 416 ක් ලබාගත් හෙයින් ඉුන්දියාවට ලකුණු 132 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ.

ඉන්දියාව සහ එංගලන්තය අතර තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වූයේ පසුගිය වසරේ (2021) අගෝස්තු මාසයේදීය. තරගාවලියේ සිව්වැනි තරගය ජයගත් ඉන්දියානුවෝ තරගාවලියේදී 2-1 ක් ලෙසින් පෙරමුණ ගත්හ. ඉන්දියාව මෙම තරගයට පිවිසියේ තරගාවලියේ පෙරමුණේ සිටිමිනි.

කාසියේ වාසිය දිවාගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ඉන්දීය පිලේ පළමු කඩුලු 5 ම ලකුණු 98 ක් තුළදී බිම දමාගත්තේය. එහෙත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 222 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රිෂාබ් පාන්ට් (146) සහ රවීන්ද්‍ර ජදේජා (104) ඉන්දීය පිල ලකුණු 320 ක් දක්වා ඉදිරියට ගෙන ගියහ. පසුව ජස්ප්‍රීට් බුම්රා සහ ජදේජා එක්ව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට තල්ලු කළහ.

ස්ටුවර්ට් බෝඩ්ගේ එක් ඕවරයකදී ලකුණු 29 ක් උදුරාගැනීමට ජස්ප්‍රීට් බුම්ර සමත්වූ අතර එම ඕවරයට ඇතුළත් වූ වයිඩ් සහ නිපන්දු සමගින් ඕවරයෙන් තිළිණ කෙරුණු ලකුණු සංඛ්‍යා 35 ක් විය. වසර 145 ක ඉතිහාසයක් ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී එක ඕවරයකින් ලබාගත් වැඩිම ලකුනු සංඛ්‍යාව එයයි.

කෙසේ වෙතත් බෙයාර්ස්ටෝගේ ඉනිමත් සමගින් තරගය යම්තාක් ආකාරයකට එංගලන්තය දෙසට නැඹුරු වූ නමුත් ඉන්දියානුවන්ට ලැබුණු ලකුණු 132 ක වාසිය තරමක් බරපතළය.

 


අදහස් (0)

ඉන්දියාවට මුල් ඉනිමේ වාසිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.